Thursday, February 23, 2012

Forest fire in Ambuluwawa (3 items)

අම්බුළුවාව ගිනි ගනී
- අක්‌කර 500ක්‌ විනාශ වෙයි

- ජෛව විවිධත්ව සංකීර්ණයට හානියක්‌ නෑ
ලසිත දුමින්ද, ගම්පොල - සුරංග දිල්හාන්



ගම්පොළ අම්බුළුවාව රක්‍ෂිතයේ පෙරේදා (21 වැනිදා) සවස ඇති වූ ගින්නකින් මේ වන විට එහි අක්‌කර 500 කට අධික ප්‍රමාණයක්‌ මුළුමණින්ම ගිනිගෙන විනාශ වී තිබේ.

ගිනි නිවන හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ යුද හමුදාව, සිවිල් ආරක්‍ෂක බළකාය ඒකාබද්ධව ගින්න මැඩපැවැත්වීම සඳහා ඊයේ (22 වැනිදා) සවස්‌ වනතුරුත් දැඩි වෙහෙසක්‌ ගනිමින් සිටියහ.

මෙම රක්‍ෂිතයේ කන්ද ඉහළ කොටසේ පැවැති ගින්න ඊයේ වන විට ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ ගුවන් යානා දෙකක්‌a මගින් වරින්වර ජලය හෙළීමෙන් පසු පාලනය වී තිබේ.

ගුවන් හමුදාව ඊයේ (22 දා) පෙරවරුවේ සිට ගින්න මැඩපැවැත්වීම සඳහා 4 වැනි සහ 7 වැනි බලගණයට අයත් හෙළිකොප්ටර් දෙකක්‌ යෙදවූ බව ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කපිතාන් ඇන්ඩි විඡේසූරිය "දිවයින"ට පැවසීය.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මගින් ලෝක උරුමයක්‌ ලෙස නම් කර තිබෙන මෙම අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය අක්‌කර 900 කින් සමන්විතය. එහි මෙරටට ආවේණික වන සතුන්ගෙන් සහ දුර්ලභ ශාකවලින්ද සමන්විත බව එහි පාලක මිනින්දොaරු අධිකාරී ජී. ඩබ්ලිව්. චන්ද්‍රරත්න මහතා පැවසීය.

අම්බුළුවාව කන්ද ගල්පාය µයිනස්‌ වවා ඇති ප්‍රදේශයෙන් ගින්න ඇති වී පැතිර ගොස්‌ තිබේ. ගින්න හේතුවෙන් ජෛව විවිධත්ව සංකීර්ණයට හානියක්‌ සිදුවී නොමැත.

මේ වන විට කඳුකර ප්‍රදේශයේ පවතින දැඩි නියඟය නිසා කිසියම් පුද්ගලයකු මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

සිද්ධිය පිළිබඳව ගම්පොළ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක චන්ද්‍රd ජයවීර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.
http://www.divaina.com/2012/02/23/news13.html


අම්බුළුවාවේ හදිසි ගින්නකින් අක්කර 500ක් විනාශයි

ගම්පොළ සමූහ, චන්ද්‍රිකා පෙරේරා සහ ගඟඉහළකෝරළේ සමූහ


ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ රක්ෂිතයේ හටගත් ගින්නකින් එහි අක්කර 500කට ආසන්න භූමි ප්‍රමාණයකට දැඩි හානි සිදුවී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මේ ජෛව විවිධත්ව සංකීර්ණය අක්කර 900 කින් සමන්විත වන අතර එහි ඇති ඖෂධ, වෘක්ෂලතා මෙන්ම මෙරටට ආවේනික සතුන්ගෙන්ද සමන්විත අතර එය දුර්ලභ ස්ථානයක් බව එහි පාලක මිනින්දෝරු අධිකාරි ජී. ඩබ්. චන්ද්‍රරත්න මහතා පැවැසීය.

පෙරේදා (21) සවස 3.30ට පමණ මේ ගින්න හටගෙන ඇති අතර ඊයේ (22) සවස් වනතුරුම ගින්න පැවතුනි. බම්බි බකට් තාක්ෂණය උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ (22) අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණය අයත් භූමියේ පැතිරෙන ගින්න නිවීමට ක්‍රියාත්මක වී තිබේ. පොලිස් ස්ථාන 5කින් රැගෙන ආ පොලිස් නිලධාරින්ද, යුද හමුදා හා සිවිල් ආරක්ෂක නිලධාරින්ද ගින්න මැඩ පැවැත්වීමට දැඩි උත්සාහයක් ගත්හ.

අම්බුළුවාව කන්ද ගල්පාය ප්‍රදේශයේ ෆයිනස් වවා ඇති කොටසින් ගින්න හටගෙන ඇති අතර පසුව එය කන්දේ දෙපසකින් ඇවිලී ඉහළට යාමෙන් දැඩි හානියක් සිදුවී තිබේ.

මෙම ගින්නෙන් අම්බුළුවාවේ පිහිටුවා ඇති ගොඩනැගිලිවලට හානියක් සිදුවී නැති බවද ජයවීර මහතා සඳහන් කළේය.


http://www.dinamina.lk/2012/02/23/_art.asp?fn=n12022311


Fire destroys nearly 300 acres

Yasaratne GAMAGE

A forest fire in a section of the Bio Diversity Complex in Ambuluwawa, Gampola was extinguished with the help of two Air Force helicopters. The fire erupted on Tuesday evening, spreading to other areas.

The Kandy fire brigade was unable to douse the fire since it was on a hilly and steep location. Police said about 300 acres of pine forest and other flora and fauna were destroyed.

http://www.dailynews.lk/2012/02/23/news02.asp

No comments:

Post a Comment