Thursday, February 23, 2012

දිනකට රු: කෝටි 15ක් විදෙස් සිගරට් සමාගම්වලට

දුමින්ද ගුරුගේ, චමීර ඇල්ලදෙනිය සහ සුභාෂිනී සේනානායක

විදේශ සිගරට් සමාගම් වෙත දිනකට රුපියල් කෝටි පහළොවක් මෙරටින් ඇදී යන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එම මුදලින් සියයට 12ක් රජයට බදු ලෙස ලැබෙන බව කී නියෝජ්‍ය ඇමැතිවරයා වයස 21 ට අඩු අයට දුම්වැටි අලෙවි කිරීම රජය තහනම් කර ඇතත් ඇතැම් ප්‍රදේශවල අවුරුදු 18න් පහළ අය සදහා දුම්වැටි අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇතැයිද කීය.

මේ පිළිබඳ නීතිමය පියවර ගන්නා ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් ලබා දී ඇතැයිද නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය. පත්කළ මන්ත්‍රී (එ.ජ.නි.ස) ඒ.එච්.එම් අස්වර් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා මේ බව පැවසීය.


http://www.dinamina.lk/2012/02/22/_art.asp?fn=n12022211

No comments:

Post a Comment