Thursday, February 23, 2012

ඩීසල් බලාගාරවලින් විදුලිය ජනනය වැඩිවෙයි

ශිරාන් රණසිංහ

ජල විදුලි නිෂ්පාදනය හා වෙනත් විකල්ප බලශක්‌ති ප්‍රභවයන්ගෙන් විදුලි ජනන කටයුතු අඩාළ වීමත් සමග ඩීසල් බලාගාරවලින් නිපදවන විදුලි බලය සියයට හැට පහේ සිට සියයට අසූපහ දක්‌වා වැඩිවී තිබේ.

මේ අනුව පෞද්ගලික ඩීසල් බලාගාර හිමියන්ට විශාල ලාභයක්‌ ගෙවීමට ලංකා විදුලිබල මණ්‌ඩලයට සිදුව ඇතැයි එහි උසස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසීය.

මෙරට ප්‍රධාන ජල විදුලි බලාගාරවල රොන්මඩ තැන්පත් වීම, ඒවා යාවත්කාලීන නොකිරීම හා අලුතින් විශාල ජල විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම නිසා තාප විදුලි බලාගාරවලින් විදුලිය ජනනය වැඩිවී ඇත.

මේ වන විට විදුලි ගාස්‌තු වැඩි කළද පෞද්ගලික තාප බලාගාර හිමියන්ගෙන් ලංකා විදුලිබල මණ්‌ඩලය අධික මිල ගණන්වලට විදුලිය ලබා ගැනීම නිසා මෙම වසර අවසානයේදී රුපියල් බිලියන තිස්‌හතරක පමණ පාඩුවක්‌ වන බව විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කර සිටී.


http://www.divaina.com/2012/02/22/news14.html

No comments:

Post a Comment