Thursday, February 23, 2012

දියබෙදුමෙන් සොරා ගත් 'වී' වටිනාකම කෝටියයි

කරුණාරත්න ගමගේ

වී අලෙවි මණ්‌ඩලයට අයත් පොළොන්නරුව දිය බෙදුම පිහිටි වී ගබඩාවෙන් සොරකම් කර ඇති වී තොගයේ වටිනාකම රුපියල් එක්‌කෝටි දහසය ලක්‍ෂයක්‌ බව මේ වන විට ගණන් බලා තිබේ.

වී අලෙවි මණ්‌ඩලය මගින් එම ගබඩාවේ සිදු කළ තොග ගණන් ගැනීමෙන් අනතුරුව මේ බව අනාවරණය වී ඇත.

මෙම මහා පරිමාණ වී සොරකම සම්බන්ධයෙන් පරීක්‍ෂණ මෙහෙය වූ බකමූණ පොලිසිය, ඇලහැර ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරයකු ඇතුළු පුද්ගලයන් 13 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අධිකරණ නියෝග මත දැනට රක්‍ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර පොලිස්‌ පරීක්‍ෂණ තවදුරටත් සිදු කෙරේ.

මෙම වී සොරකම සම්බන්ධව තවත් තොරතුරු රාශියක්‌ අනාවරණය වෙමින් පවතින බව විමර්ශන කටයුතු සිදු කරන පොලිස්‌ නිලධාරීහු පවසති.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී සරත් කුමාර ජෝෂප් මහතාගේ උපදෙස්‌ පරිදි බකමූණ පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක පාලිත ඉලංගන්සේකර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.


http://www.divaina.com/2012/02/22/news03.html

No comments:

Post a Comment