Tuesday, February 28, 2012

අයථා ලෙස වත්කම් ඉපයීම: රජයේ 40 දෙනකුට චෝදනා

දේශපාලකයන් 16 දෙනකුත් ඒ අතර
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

අයථා ලෙස වත්කම් උපයන ලදැයි කියන විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් දහසය දෙනකු ඇතුළු රජයේ නිලධාරීන් හතළිස්‌දෙනකුට එරෙහිව මේ දිනවල විමර්ශන සිදුකෙරෙන බව අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.

මෙම දේශපාලනඥයන් අතරේ ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් පිරිසක්‌ද සිටින බවද එම නිලධාරියා කීය.

චෝදනා ලත් නිලධාරීන් හතළිස්‌දෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ මේ වන විට කොමිසම භාරයට ගෙන පුළුල් විමර්ශනයන් සිදුකරගෙන යන බවත් කොමිසම දැනටමත් නිලධාරීන් රැසකගෙන් මේ පිළිබඳ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එම නිලධාරියා කියා සිටියේය.

මේ චෝදනා සම්බන්ධයෙන් තවත් නිලධාරීන් පිරිසකගෙන් කරුණු විමසීමට නියමිත බවද හෙතෙම කීය.


http://www.divaina.com/2012/02/28/news26.html

No comments:

Post a Comment