Tuesday, February 28, 2012

ගිය වසරේ තැපෑලේ පාඩුව කෝටි 340 යි

ප්‍රියදර්ශන ලියනගේ

තැපැල් දෙපාර්තමේන්තුව 2011 වසර තුළදී රුපියල් කෝටි තුන්සිය හතළිහක (මිලියන 3400) පාඩුවක්‌ ලබා ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අකාර්යක්‍ෂම පරිපාලනය හා වංචා දූෂණ හේතුවෙන් මෙම පාඩුව ලබා තිබෙන බවද පැවසේ.

2010 වසර තුළදී රුපියල් කෝටි තුන්සියයක පාඩුවක්‌ ලැබූ තැපැල් දෙපාර්තමේන්තුව 2011 වසරේදී මේ අනුව තම පාඩුව තවත් කෝටි 40 කින් වැඩිකර ගෙන ඇත.

මෙසේ 2011 වසරේදී රුපියල් කෝටි තුන්සිය හතළිහක වාර්තාගත පාඩුවක්‌ ලැබූ තැපැල් දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යැම සඳහා මේ වසරට (2012) රුපියල් මිලියන 13,300 ක මුදලක්‌ ලබාදෙන ලෙස මහා භාණ්‌ඩාගාරයේ ඉල්ලා තිබේ.

මෙම මිලියන 13,300 ක මුදලින් රුපියල් මිලියන 8100 ක්‌ම ඉල්ලා තිබෙන්නේ පඩි නඩි සහ අතිකාල වියදම් ගෙවීමටයි. නමුත් මෙතරම් විශාල මුදලක්‌ කිසිසේත්ම මහා භාණ්‌ඩාගාරයෙන් නොලැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසීය.

මේ නිසා තැපෑල රැක ගැනීම නව තැපැල්පතිවරයාට අභියෝගයක්‌ වී තිබේ. නමුත් සේවකයන් පවසන්නේ හොරකම, වංචාව, දූෂණය නතර කිරීමට තැපැල්පතිවරයාට හැකිවුවහොත් තැපෑල ගොඩනැඟීම දුෂ්කර නොවන බවයි.


http://www.divaina.com/2012/02/28/news04.html

No comments:

Post a Comment