Wednesday, February 29, 2012

වෙන්නප්පුව හා මාරවිල දක්‌වා කෘත්‍රිම වෙරළක්‌

අනුර බාලසූරිය

අධික මුහුදු ඛාදනයට ලක්‌වන වෙන්නප්පුව සිට මාරවිල දක්‌වා කිලෝමීටර් හතරක පමණ වෙරළ තීරයට ඈත මුහුදින් වැලි පොම්පකර කෘතිම ලෙස වෙරළ නිර්මාණය කිරීමට වෙරළ සම්පත් හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

මේ සඳහා රුපියල් මිලියන 500 ක පමණ මුදලක්‌ වැයකෙරෙනු ඇතැයි වෙරළ සම්පත් හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ පරිදි මෙහි සංවර්ධන කටයුතු සිදුකෙරෙන අතර ඊට අවශ්‍ය ප්‍රතිපාදන ජනාධිපතිවරයා මගින් වෙන්කර දී තිබේ.

ඛාදනයට ලක්‌වූ මෙම වෙරළ තීරය නැවත සකස්‌ කිරීමට ඈත මුහුදින් වැලි ඝන මීටර් ලක්‍ෂ හතරක්‌ පමණ පොම්ප කෙරෙනු ඇතැයිද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

දැනට දියකඩන තුනක්‌ ඉදිකිරීමට පියවර ගෙන ඇති අතර වැලි පොම්ප කර වෙරළ සැකසීමේ කටයුතු ලබන මැයි හෝ ජුනි මාසයේදී පමණ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.


http://www.divaina.com/2012/02/29/news24.html

No comments:

Post a Comment