Friday, February 24, 2012

වේයන්ගොඩ රේල්ලුවේ මුල් පුටුවේ සහයක ඩැනී බරටම වැඩ

ස්ථානාධිපති ගෙදර ගිහින්
ආරක්‍ෂක නිලධාරීන්ට අතේකෝට්


නිමල් රාජපක්‍ෂ

වේයන්ගොඩ දුම්රිය ස්ථානාධිපතිගේ රාජකාරිය ඉටුකරමින් සිටි දුම්රිය කාර්ය සහායකවරයකු දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරීන් පෙරේදා (22) කොටුකරගෙන ඇත.

ආරක්ෂක නිලධාරීන් දුම්රිය ස්ථානය වටලන අවස්ථාවේ රාජකාරියේ නියුතුව සිටි දුම්රිය ස්ථානාධිපතිවරයා දුම්රිය ස්ථානයේ නොසිටි අතර දුම්රිය කාර්ය සහායකවරයා ප්‍රවේශ පත්‍ර නිකුත් කොට ඇතැයි දුම්රිය ආරක්ෂක සේවය පවසයි.

මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත්කිරීමට බලතල ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරුනට පමණකැයිද අනාවරණය වේ. තම රාජකාරිය මඟහරිමින් ඔවුන් පුද්ගලික වැඩකටයුතුවල නිරතවන බවට ලද තොරතුරු හෙළිවී තිබේ. වෙස්වලාගත් රාගම දුම්රිය ආරක්ෂක නිලධාරීන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර ලබා ගන්නා අවස්ථාවේ එහි කාර්ය සහායකවරයකු ප්‍රවේශපත්‍ර නිකුත් කරද්දී මේ වැටලීම සිදුකොට තිබේ.


http://www.dinamina.lk/2012/02/24/_art.asp?fn=u1202248

No comments:

Post a Comment