Wednesday, February 29, 2012

පලතුරු වර්ග 5 කට ආනයන සීමා පැනවීමට යයි

සචිත්‍ර ඇල්වලගේ

පලතුරු වර්ග 5 කට ආනයන සීමා පැනවීමට රජය තීරණය කර තිබේ.

පැපොල් - අඹ - අන්නාසි මිදි - දෙළුම් යන පලතුරු වර්ග සඳහා මෙසේ ආනයන සීමා පැනවෙන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් විජයරත්න සකලසූරිය මහතා පැවසීය.

මෙම පලතුරු වර්ග අතරින් පැපොල් අඹ අන්නාසි යන වර්ග තුන මේ වන විටත් දේශීය වශයෙන් අවශ්‍ය තරම් උපරිමයෙන් වගා කෙරෙන බවත් දෙළුම් හා මිදි වගාව ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්‌ ආරම්භ කොට ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

අදාළ ආනයන සීමා පැනවීම තුළින් මෙම පලතුරු වර්ග දේශීයව නිෂ්පාදනය දිරිගැන්වීමටත් එමගින් මෙරට විදේශ විනිමය ඉතිරි කර ගැනීමටත් රජය අපේක්‍ෂා කරයි. මේ අතර ඉහත පලතුරු වර්ගද ඇතුළුව දේශීය පලතුරු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා නව තනතුරක්‌ ඇති කොට අධ්‍යක්‍ෂකවරයකු ද පත් කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ.


http://www.divaina.com/2012/02/29/news10.html

No comments:

Post a Comment