Tuesday, February 21, 2012

පාසල් සිසුන් ප්‍රවාහනයට ජාතික ප්‍රතිපත්තියක් සකසනවා

- බස්නාහිර පළාත් ප්‍රවාහන ඇමැති

නිමල් රාජපක්ෂ

පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන බව බස්නාහිර පළාත් සභා ප්‍රවාහන ඇමැති උපාලි කොඩිකාර මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පළකළේ ජනකලා කේන්ද්‍රයේ ඊයේ (20) පැවැති බස්නාහිර පළාතේ පාසල් වෑන්රථ රියදුරන් හා වාහන හිමිකරුවන් දැනුවත් කිරීමේ අවස්ථාවේ දීය. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ජාතික ළමා රක්ෂණ අධිකාරිය හා සීමාසහිත මැලිබන් බිස්කට් පුද්ගලික සමාගම ඒකාබද්ධව පාසල් රියැදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවා තිබිණ. ”දරුවන් ගේ අනාගතය රඳාපවතින්නේ දරුවන් ප්‍රවාහනය කරන රියදුරු මහතුන් අතේ. සුක්කානම අතට ගන්නා විට තම මනස හොඳීන් තිබිය යුතුයි.

එසේ තබාගෙන විනීතව රිය පදවන්නේනම් ජීවිත රැසකට යහපතක් උදාවනු ඇතැයි මෙහිදී අදහස් දැක්වූ කොඩිකාර ඇමතිවරයා පැවසීය. රටකට මාර්ග නීතී අවශ්‍යයි.

නීති තිබුණද ඒවා පිළිබඳ රියැදුරන් හට වැඩමුළු පවත්වා දැනුවත් කිරීම් තුළින් හොඳ රියැදුරන් පිරිසක් බිහිකර ගත හැකි වෙනවා.

පෘතුගීසි, ලන්දේසි පාලනය කළ රටට එදා නිදහස ලැබුණා. නමුත් පසු කලකදී කුරිරු ත්‍රස්ත්‍රවාිදීන් මේ රට විනාශ කරන්න සෑදු අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේරට බේරා ගෙන නිදහස ලබාදුන්නා.

ඉදිරියේදී තෙල් අර්බුද ඇති වුවද ඒවාට නොබියව මුහුණ දීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. ත්‍රීරෝද රථ වලට තෙල් සහනය ලබා දෙන්නාක් මෙන් ඉදිිරියේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා ද තෙල් සහනය ලබා දෙනවා. දිනකට එකසිය පනහක් පමණ රිය අනතුරු සිදුවනවා.

ඒවා වැළැක්විීම සඳහා හොඳ රියැදුරු පිරිසක් බිහිකළ යුතුයැයිද ඇමැතිවරයා පැවසුවේය. රථවාහන පොලීසියේ අධ්‍යක්‍ෂ කේ. අරසරත්නම්, ජාතික ගමනාගමන කොමිසමේ සභාපති නීතිඥ පියසේන ගමගේ, සහකාර අධ්‍යක්‍ෂිකා රම්‍යා පියසේකර, මැලිබන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි එල්. වීරසූරිය හා සංවර්ධන කළමණාකරු ප්‍රියන්ත මොල්ලිගොඩ යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගි වුහ.


http://www.dinamina.lk/2012/02/21/_art.asp?fn=n1202217

No comments:

Post a Comment