Tuesday, February 28, 2012

ඉල්මනයිට්‌ ටොන් 5000 කින් මිලියන 186 ක ආදායමක්‌

ලංකා ඛනිජ වැලි සංස්‌ථාවට සිය ඉතිහාසයේ වාර්තාගත විකුණුම් මිලක්‌ ලබා ගනිමින් මේ මස දෙවන සති අන්තයේදී ඉල්මනයිට්‌ ටොන් පන්දහසක්‌ රුපියල් මිලියන 186 කට අලෙවි කර ගැනීමට සමත්වී තිබේ.

රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පවසන පරිදි වර්ෂ 2009 දී රුපියල් මිලියන 239 ක්‌වූ පුල්මුඩේ ඛනිජ සමාගමේ ලාභය 2011 අවසන් වනවිට රුපියල් මිලියන 7000 ක්‌ දක්‌වා වැඩිකර ගැනීමට හැකි වී තිබේ.

අමාත්‍යාංශයේ විවෘත ටෙන්ඩර් පටිපාටියක්‌ මෙම දැවැන්ත ලාභය ලැබීමට ඉමහල් වී තිබෙන බවද ඛනිජ වැලි කර්මාන්තය තුළින් ඉදිරියේදී මීටත් වඩා දැවැන්ත විදේශ විනිමයක්‌ රටට ලබා දීමට සැලසුම් කෙරෙමින් පවතින බව ඇමැති දයාශ්‍රිත තිසේරා කියයි. මේ යටතේ කෝකිලායි ප්‍රදේශයට උතුරින් රුපියල් ලක්‍ෂ පන්සියයක පමණ වියදමින් නව යන්ත්‍රාගාරයක්‌ ආරම්භ කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව ද ඇමැති දයාශ්‍රිත තිසේරා පවසයි.

තවද දැනට රජය මගින් පරිසර හානියකින් තොරව කෙරෙන ඛනිජ වැලි විකිණීම එලෙසම කරන අතර පුල්මුඩේ යාන්ඔය ප්‍රදේශය ආශ්‍රිතව අක්‌කර පන්සියයක කර්මාන්තපුරයක්‌ ආරම්භ කරමින් විදේශ ආයෝජකයන් වෙත ඒ සඳහා අවස්‌ථා උදාකර දීම ද අමාත්‍යාංශයේ ඉලක්‌කයක්‌ බවට පත්වී ඇතැයි ද ඇමැතිවරයා තවදුරටත් කියයි.


http://www.divaina.com/2012/02/28/news20.html

No comments:

Post a Comment