Wednesday, February 29, 2012

මැණික් සොයා කතරගම ඉඩම් හාරති

පරිසරය විනාශ කරන්න එපා
නව තාක්ෂණයෙන් මැණික් ඉඩම් සොයාගත හැකියි
- මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය


භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

කතරගම ප්‍රදේශයේ ඇති ඉඩම්වල මැණික් ඉල්ලම් ඇතැයි සිතමින් එම ප්‍රදේශයේ ජනතාව මහා පරිමාණයෙන් ඉඩම් හාරමින් පරිසරය විනාශ කරන බවට මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය වෙත තොරතුරු ලැබී තිබේ.

මැණික් ඉල්ලම් මෙලෙස සෑම ඉඩමකට නොමැති බවත් ඉඩම් හාරමින් පරිසරය විනාශ නොකරන ලෙස තමන් කතරගම ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින බව මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ප්‍රසාද් ගල්හේන මහතා ‘දිනමිණ’ට පැවැසීය.

මැණික් ඉල්ලම් තිබේ නම් නව තාක්ෂණය මගින් ඒවා පහසුවෙන් හඳුනාගත හැකි බවත් මේ වනවිට මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරින් කතරගම ප්‍රදේශයේ පරීක්ෂණ සිදුකරන බවත් සභාපතිවරයා අවධාරණය කෙළේය.


http://www.dinamina.lk/2012/02/29/_art.asp?fn=n1202295

No comments:

Post a Comment