Saturday, February 25, 2012

Kataragama gem land auction: fetches 270 m (5 items)

වෙන්දේසියට මැණික්‌ ව්‍යාපාරිකයෝ 1400 ක්‌!
ඉතිහාසයේ වැඩිම ආදායම ලැබු මැණික්‌ ඉඩම් වෙන්දෙසිය

කතරගම මැණික්‌ ඉඩම කෝටි 27 කට ඈවරයි

වීරවිල - එල්. එච්. කුසුම් ප්‍රියන්ත සහ කතරගම - කේ. ඩී. දේවප්‍රිය

ලුණුගම්වෙහෙර - කතරගම ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අවශ්‍ය පස්‌ කැපීමේදී හමු වූ තම්මැන්න ප්‍රදේශයේ පිහිටි මැණික්‌ ඉල්ලම් ඇති බවට විශ්වාස කරන වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්‌කර හතරයි පර්චස්‌ පහක ඉඩම ඊයේ (24 වැනිදා) රුපියල් කෝටි 27 කට වෙන්දේසි විය.

ඉඩම කොටස්‌ 49 කට කැබලි කර වෙන්දේසි කළ අතර ඉන් මැණික්‌ ඇති බවට විශ්වාස කරන 13 වැනි බිම් කොටස රුපියල් දෙකෝටි විසිලක්‍ෂයකට වෙන්දේසි විය. එය මිලදී ගනු ලැබුවේ කඩුවෙල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

මෙම ඉඩම වෙන්දේසියෙන් මිල දී ගැනීම සඳහා දිවයිනේ ප්‍රධාන පෙළේ මැණික්‌ ව්‍යාපාරිකයෝ දහසකට ආසන්න පිරිසක්‌ පැමිණ සිටියහ.

මෙහිදී බිම් කැබැලි තුනක්‌ රුපියල් කෝටි දෙකකට වැඩි මුදලකට තක්‌සේරු විය.
රුපියල් දෙකෝටි විසිලක්‍ෂයකට අලෙවි වූ ඉඩම් කැබැල්ල මිලදී ගැනීම සඳහා දැඩි තරගකාරී බවක්‌ මතුවිය. එම ඉඩම මිලදී ගැනීම සඳහා දේශපාලකයෝ සහ මහා පරිමාණයේ මැණික්‌ ව්‍යාපාරිකයෝ ද ඔවුන්ගේ හිතවත්හු ද දැඩි තරගයක නිරත වූහ. මෙම ඉඩම් වෙන්දේසිය ඊයේ (24 දා) පෙරවරු 9.45 ට පමණ කතරගම ප්‍රාදේශීය සභා සම්මන්ත්‍රණ ශාලාවේදී මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ අධීක්‍ෂණය යටතේ සිදුවිය.

ඉඩම් කැබලි 49 අතරින් අඩුම මිලට වෙන්දේසි වූ ඉඩම් කැබැල්ලේ වටිනාකම රුපියල් ලක්‍ෂ දහයකි.

වෙන්දේසිය සඳහා සුළු පරිමාණයේ මැණික්‌ ව්‍යාපාරිකයෝ ද පැමිණ සිටි අතර, මහා පරිමාණ මැණික්‌ ව්‍යාපාරිකයන් හා තරග කිරීමට නොහැකි බැවින් ඔවුන් වෙන්දේසිය අතරතුර වෙන්දේසි භූමියෙන් ඉවත්ව යනු දැක ගත හැකි විය.

මේ අතර මැණික්‌ ඉඩමේ වෙන්දේසිය වෙනුවෙන් ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක්‌ ද සහභාගි වී සිටි අතර වෙන්දේසිය සඳහා ඔවුන් සෘජු දායකත්වය දැක්‌වුවද, මුදල් තැන්පත් කරනු ලැබුවේ හිතවතුන්ගේ නම් වලිනි.

මෙම ඉඩමෙන් හමු වූ නිල් මැණික "කකුරුවින්ද පවුලට" අයත් ය. එහි පලුදු හා දෝෂ අවම වීමත් තද නිල් පැහැයෙන් යුක්‌ත වීමත් නිසා එය මිලදී ගැනීමට දේශීය සහ විදේශීය ගැනුම්කරුවෝ කිහිපදෙනෙක්‌ ඉදිරිපත්ව සිටියහ.

මැණික්‌ ඉඩම වෙන්දේසිය දැඩි පොලිස්‌ ආරක්‍ෂාව මැද පැවැති අතර එය සවස 1.45 ට පමණ අවසන් විය.

කතරගම තම්මැන්නා ප්‍රදේශයේ තිබූ මැණික්‌ ඉඩම් මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය විසින් ඊයේ වෙන්දේසි කිරීමෙන් රුපියල් මිලියන 270 ක (දෙසිය හැත්තෑවක) ආදායමක්‌ ලබා ගැනීම මැණික්‌ වෙන්දේසියකදී ලබාගත් වැඩිම මුදල ලෙස ඉතිහාසගත වෙයි.

මෙම මැණික්‌ ඉඩම් වෙන්දේසියට මැණික්‌ ව්‍යාපාරිකයෝ 1400 ක්‌ පමණ සහභාගි වූහ. ඉඩමේ විශාලත්වය අක්‌කර 4 යි පර්චස්‌ 5 කි.


කතරගම ප්‍රදේශයේ කිසිදු ව්‍යාපාරිකයකුට මෙහිදී මැණික්‌ ඉඩම් මිලදී ගත නොහැකි විය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ මැණික්‌ සහ ස්‌වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් බන්ඩාර මහතා, තම්මැන්නාව ප්‍රදේශයේ ජනතාවට සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් බිම් කොටස්‌ තුනක්‌ ලබා දීමට කටයුතු කරන බවත්, එම ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලබා දෙන බවත් පැවැසීය.

හම්බන්තොට නියෝජ්‍ය පොලිස්‌පති නන්දන විඡේරත්න මහතා මෙම ඉඩම් පිහිටි ප්‍රදේශය මෙම මස 28 දා දක්‌වා අධිකරණ නියෝගයක්‌ මත තහනම් කලාපයක්‌ කරන බවත්, ප්‍රදේශවාසීන් හට කිසිදු බාධාවකින් තොරව සිය ගම්බිම් වෙත යැමට ඉඩ ලබා දී ඇති බවත් පැවැසීය.


http://www.divaina.com/2012/02/25/news01.html


කතරගම මැණික් ඉල්ලම් බිම රු. කෝටි 27කට වෙන්දේසි වෙයි

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් සහ අනුර ප්‍රේමලාල්

මහත් ආන්දෝලනයකට පත් වූ කතරගම මැණික් ඉල්ලම ඊයේ රුපියල් කෝටි විසිහතක මුදලකට වෙන්දේසි විය. ශ්‍රී ලංකා ඉතිහාසයේ මැණික් ඉල්ලමක් මේ තරම් විශාල මුදලකට අලෙවි වූ ප්‍රථම අවස්ථාව බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ප්‍රසාද් ගල්හේන මහතා ‘දිනමිණට’ ඊයේ (23) පැවසීය.

පර්චස් 10 සිට 15 දක්වා ඉඩම් කැබලි හතලිස් නවයක් මෙලෙස වෙන්දේසි කර තිබේ. මැණික් ව්‍යාපාරිකයන් හාරසියයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් තිස්සමහාරාම ප්‍රාේදශීය සභාවේ සම්මන්ත්‍රණ ශාලාවේදී මේ වෙන්දේසිය ඊයේ (23) පැවැත්වුණි. වෙන්දේසිය සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් කිසිදු අවම ගාස්තුවක් ඉදිරිපත් නොකළ බවත් සමහර ඉඩම් කැබලි රුපියල් කෝටි දෙකකට අලෙවි වූ බවත් ගල්හේන මහතා පැවැසීය.

ලොව වැඩිම ඉල්ලුමක් ඇති නිල් මැණික් ඇතැම් මැණික් වර්ග රැසක්ම මේ ඉඩම්වල ඇති බව අනාවරණය වී තිබේ. මේ වනවිට මේ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩසටහනක් පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇත.


http://www.dinamina.lk/2012/02/25/_art.asp?fn=n1202252


ඉතිහාසයේ වැඩිම ලන්සුවට තම්මැන්නාවේ මැණික් ඉඩම වෙන්දේසි කෙරේ

කතරගම කේ.ඩී. දේවප්‍රිය

ඉමහත් ආන්දෝලනයකට තුඩු දී තිබූ කතරගම තම්මැන්න ප්‍රදේශයේ මැණික් ඉඩම් ඊයේ (24) මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරිය විසින් වෙන්දේසි කර රුපියල් මිලියන 270 (දෙසීය හැත්තෑවක්) ආදායමක් ගෙන ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මැණික් වෙන්දේසියකදී ලබාගත් මුදල ලෙස ඉතිහාසගත කිරීමට සමත්විය. මෙම මැණික් ඉඩම් වෙන්දේසිය කතරගම ප්‍රාදේශීය සභා සම්මන්ත්‍රණ ශාලාවේදී මැණික් ව්‍යාපාරිකයන් 14000ක් දෙනකුගේ සහභාගීත්වයෙන් දැඩි උණුසුම්කාරී ලෙස පැවැත්විය.අක්කර 4 පර්චස් 5 තරම් භූමි භාගයක් මෙම වෙන්දේසියෙන් විකිණීමට කටයුතු කළ අතර ඉඩම් කැබලි 49ක් පර්චස් 10 සහ 15 කැබලි මෙහිදී මැණික් ව්‍යාපාරිකයන් මිලදී ගනු ලැබිය.

කතරගම ප්‍රදේශයේ කිසිදු ව්‍යාපාරිකයකුට මෙහිදී මැණික් ඉඩම් මිලදීගත නොහැකි වූ අතර කොළඹ, රත්නපුර, පැල්මඩුල්ල වැනි ප්‍රදේශවලට අයත් පිරිස් මෙම මැණික් ඉඩම් මිලදී ගනු ලැබිය.

මෙහිදී අදහස් දැක්වූ මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් නිමල් බණ්ඩාර මහතා පැවැසුවේ මෙම තම්මැන්නාව ප්‍රදේශයේ ජනතාව සඳහා සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් බිම් කොටස් තුනක් (3) දීමට කටයුතු කරන බවත් එම ඉඩම් ප්‍රාදේශීය ‍ලේකම්වරයා වෙත ලබාදී සාධාරණ අයුරින් කටයුතු කිරීමට දෙන බවයි.

මෙම අවස්ථාවේදී හම්බන්තොට නියෝජ්‍ය ‍පොලිස්පති නන්දන විජේරත්න මහතා පැවැසුවේ මෙම ඉඩම් ප්‍රදේශය තවදුරටත් ආරක්ෂා වීම පිණිස 28 දින දක්වා අධිකරණ නියෝගයක් ගෙන තහනම් කලාපයක් කරන බවත් ප්‍රදේශවාසීන් හට කිසිදු චකිතයක් නොමැතිව සිය ගම්බිම් වෙත යෑමට ඉඩ ඇති බවත්ය.

මැණික් ඉඩම් ගත් අය වෙනුවෙන් ඉල්ලම් රැගෙන යන තෙක් ආරක්ෂාව සලසන බවත් උදෑසන 8 සිට සවස 4 දක්වා ඉල්ලම් ප්‍රවාහනය සඳහා අවසරය දෙන බවත්ය.

මැණික් වෙන්දේසියට පැමිණ මැණික් ව්‍යාපාරිකයන් රැසක් පැවැසුවේ ලංකාවේ ඇති මැණික් අතරින් ඉහළම තත්ත්වයේ මැණික් මෙම භූමියේ තිබිම මත මෙවැනි විශාල ඉල්ලීමක් අනුව වෙන්දේසි වූ බවයි.


http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2007:fghfgdhdfhfg&catid=81:europe&Itemid=457


Gem and Jewellery Authority makes killing in single day
Forty nine plots sold for Rs. 270.9 million


By Ifham Nizam

A staggering Rs. 270.9 million was collected by the National Gem and Jewellery Authority (NGJA) yesterday following an auction of 49 plots of land in Kataragama, said to be the best gem bearing land in Sri Lanka, particularly when it comes to blue sapphires.

The much discussed land attracted people from every nook and corner of the country after a number of valuable stones were reportedly found in quick succession.

National Gem and Jewellery Authority Chairman and Chief Executive Officer Prasad Galhena said that all 49 plots had been auctioned for mining.

The NGJA Chief told The Island that under no circumstances would the surrounding environment be allowed to be affected as NGJA officials would frequently monitor the area.


He said that more than 500 people attended the auction at the Kataragama Pradeshiya Sabha.

Galhena said that the three-and-half-acre land area had been surveyed and divided into 49 blocks, each encompassing about 10 to 14 perches, while three plots were handed over to village groups.

"Gems found in these blocks will be sold by tender and the proceeds after deducting all the expenses would be divided on a 30 to 70 basis between NGJA and the members of the group," Galhena added.

Recently, while the top soil was removed from a land belonging to the Forest Conservation Department under a road development project, the gem deposit was discovered, resulting in a mad rush to the area.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=46028


Kataragama gem land fetches Rs 270 m

Atapattu BANDARA

The controversial gem land in Kataragama was auctioned for Rs 270 million yesterday, Sri Lanka Gem and Jewellery Authority (SLGJA) chairman Prasad Galahena said.

He said this is the first time that land was auctioned for such an amount in Sri Lanka. The auction was transparent, he said.

The gem land was auctioned amid a large gathering at the Tissamaharama Pradeshiya Sabha auditorium. The auction was held by the Pradeshiya Sabha under the supervision of SLGJA.

Galahena said 49 plots ranging from 10 -15 perches were auctioned and some plot of lands were sold even at Rs 20 million.

The SLGJA did not put forward a minimum amount for the value of the land. It is said that world's most precious and expensive gems are deposited in this area.

The land is under police protection and entrance for outsiders has been banned.

http://www.dailynews.lk/2012/02/25/news13.asp

No comments:

Post a Comment