Saturday, February 25, 2012

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සහ පළිබෝධ නාශක රෙජිස්‌ට්‍රාර් මාර්තු 22දා උසාවි කැඳවයි

සමන්ත ඉලේපෙරුම

මුදාහැරීම වළක්‌වාලමින් අධිකරණය මගින් නියෝගයක්‌ නිකුත් කර තිබියදී විෂ රසායනික අඩංගු ආසනික්‌ බහාලුම් 13 ක්‌ මුදා හැරීම සම්බන්ධයෙන් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට හා පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයාට මාර්තු 22 දා අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිට කරුණු දක්‌වන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (24 දා) නියෝග කළාය.

සිද්ධියට අදාළව පරිසර යුක්‌ති කේන්ද්‍රය මගින් ගොනු කර තිබූ පෙත්සම කැඳවනු ලැබූ අවස්‌ථාවේදී රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නිලධාරියකු දක්‌වා සිටි කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් මහාධිකරණ විනිසුරුවරිය එලෙස නියෝග කළාය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා කරුණු දක්‌වමින් මේ වනවිට අදාළ බහාලුම් 13 මුදා හැර ඇති බවත් ඒ පිළිබඳව අධිකරණ නියෝගය ලැබීමට පෙර එම මුදා හැරීම සිදුව ඇති බවත් කියා සිටියේය.

එහිදී අධිකරණය ඇමතූ පෙත්සම් පාර්ශ්වයේ නීතිඥ රවීන්ද්‍ර දාබරේ මහතා කරුණු දක්‌වමින් අදාළ බහාලුම් මුදා හැරීමක්‌ කර තිබුණද පළිබෝධනාශක ආඥ පනත ප්‍රකාරව එම රෙජිස්‌ට්‍රාර්වරයාට එම රසායනික ද්‍රව්‍ය විකිණීම තහනම් කරමින් යළි එකතු කර ලබාගැනීමට හැකි බවත් කෙසේ වුවත් වගඋත්තරකරුවන් අධිකරණ නියෝගයන්ට ගරු කිsරීම් පැහැර හැර ඇති බවත් පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැළකිලිමත් වූ විනිසුරුවරිය වගඋත්තරකරුවන් අධිකරණ නියෝග පිළිබඳව සැලකිලිමත් වී නැති බවක්‌ පෙනී යන බැවින් ඒ පිළිබඳව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට හා පළිබෝධක නාශක රෙජිස්‌ට්‍රාර්වරයාට පෞද්ගලිකව පෙනී සිට කරුණු දක්‌වන ලෙසට නියෝග කරන බවත් දන්වා සිටියාය.

වරායේ රඳවා තිබූ ආසනික්‌ බහාලුම් 13 මුදා හැරීම වළක්‌වාලමින් නිකුත් කළ නියෝගය වගඋත්තරකරුවන්ට ඉක්‌මනින් දැනුම්දීමට ඒ පිළිබඳව දුරකථනවලින් දැනුම් දෙන ලෙසද මහාධිකරණ විනිසුරුවරිය අධිකරණ ලේඛකාධිකාරිවරයාට දැනුම්දී තිබිණි.

පෙත්සම්කරුවන් අදාළ බහාලුම් මුදාහැරීම නැවැත්වීමට නියෝගයක්‌ නිකුත් කරන ලෙස කරනුq ලැබූ ඉල්ලීමක්‌ අනුව එම නියෝගය නිකුත් කර තිබිණි.


http://www.divaina.com/2012/02/25/news08.html

No comments:

Post a Comment