Friday, February 24, 2012

උදම්මිට රෙදිපිළි කම්හලකින් පිට කරන අපද්‍රව්‍ය මුසුවීමෙන් කුඹුරු අක්කර ගණනක් පුරන්

සීදුව සමූහ නිශ්ශංක පියරත්න

දකුණු උදම්මිට ප්‍රදේශයේ උදම්මිට රෙදි සෝදන කර්මාන්ත ශාලාවකින් අසල ඇළ මාර්ගයට යොමු කරන ඩයි මිශ්‍ර ජලය මුසු වී කුඹුරු අක්කර ගණනාවක් වගා කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ගොවිහු පවසති.

" අපි වවමු රට නගමු " වැඩ සටහන යටතේ වී වගා කිරීමට ගොවීන් උත්සහ දැරුවත් විෂ සහිත රෙදි සෝදන ජලය ගලා ඒම නිසා එය අසාර්ථක වී ඇත. මේ නිසා අවට ළිං වල ජලයද බීමට සුදුසු තත්ත්වයක නැත.

උදම්මිට ඇළ මාර්ගය බැකෝ යන්ත්‍ර මගින් ශුද්ධ කළත් සතුටුදායක තත්ත්වයක නැති බව පවසන ජනතාව මේ කර්මාන්ත ශාලාවෙන් ඇළ මාර්ගයට යොමු කරන සායම් සහිත විස ජලය නවත්වන ලෙස ඉල්ලා සිටිති.


http://www.dinamina.lk/2012/02/24/_art.asp?fn=r1202242

No comments:

Post a Comment