Wednesday, February 29, 2012

දකුණු පළාතේ ජල උල්පත් සිඳී යැමේ අවදානමක්‌

කැකනදුර ගයාන් දර්ශන

දකුණු පළාතේ ජල උල්පත් සිඳී යැමේ අවදානමක්‌ පවතින බව රුහුණ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය පී. ලියනාරච්චි මහතා පැවසීය. මෙය ජල පෝෂක ප්‍රදේශවල පවතින ගැටලුවක්‌ බවත් මෙම ගැටලුවේ ස්‌වභාවය කොපමණද යත් වලව ෙද්‍රdaනියේ ජල මූලාශ්‍ර 195 ක්‌ දැනටමත් සිඳී ගොස්‌ ඇති බවත් ලියනාරච්චි මහතා පැවසීය. වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා කියා සිටියේ නිල්වලා ගඟේ ජල මූලාශ්‍ර 38 ක්‌ දැනටමත් සිඳීගොස්‌ අවසාන බවයි.

මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ප්‍රමාණය ඉක්‌මවා සිදුකරනු ලබන වන සංහාරය, ජල රක්‍ෂිත, වැව් රක්‍ෂිත, ගංගා රක්‍ෂිත අනවරසයෙන් ප්‍රයෝජනයට ගැනීම හා විධිමත් සැලසුමකින් තොරව කරනු ලබන ජල සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය. මේ හේතුව නිසා දකුණු පළාත තුළ ඉදිරියේදී ජල උල්පත් සිඳී යැමේ අවදානමක්‌ පවතින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


http://www.divaina.com/2012/02/29/provin02.html

No comments:

Post a Comment