Thursday, February 23, 2012

Elephant kills a woman; people protest (2 items)

ලුණුගම්වෙහෙරේ තරුණියක්‌ වල් අලි ප්‍රහාරයකින් මියයයි: ප්‍රදේශවාසීහු පැය 4 ක්‌ උද්ඝෝෂණයේ

ඡායා සහ විස්‌තර - වීරවිල - එල්. එම්. කුසුම් ප්‍රියන්ත, දෙබරවැව - ඒ. ඒ. පේමසිරි



මෙවර හෙද විද්‍යාලයට ඇතුළුවීමට සුදුසුකම් සපුරා සිටි ලුණුගම්වෙහෙර, වැලිගත්ත, කුඩා ගම්මාන දහය ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි විසිඑක්‌ හැවිරිදි තරුණියකට හා ඇයගේ පියාට වල් අලියකු පහරදීමෙන් එම තරුණිය එම ස්‌ථානයේදීම අවාසනාවන්ත ලෙස මියගොස්‌ තිබේ. පියා බරපතළ තුවාල සහිතව හම්බන්තොට මහ රෝහලට ඇතුළත් තර ඇත.

මෙම සිද්ධිය ඊයේ (22 වැනිදා) පෙරවරු 6.00 ට පමණ සිදුවී ඇත. වල් අලියකු පහරදීමට ලක්‌ව මෙසේ මියගොස්‌ ඇත්තේ එම්. ජී. ගීතිකා මිහිරාණී නමැති විසිඑක්‌ හැවිරිදි තරුණියයි. ඇයගේ පියා වන හැට දෙහැවිරිදි එම්. ජී. සෝමසිරි මහතා බරපතළ තුවාල ලබා සිටී.

මෙම වල් අලි පහරදීමත් සමඟ කුපිත වූ ප්‍රදේශවාසීන් 22 දා උදෑසන අටේ සිට හම්බන්තොට තිස්‌සමහාරාම ප්‍රධාන මාර්ගය අවහිර කොට විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ. පැය හතරකට ආසන්න කාලයක්‌ විරෝධතාවයේ නිරත පිරිස්‌ වන අලි තර්ජනයෙන් තමන් මුදාගන්නා ලෙසත් ඒ වෙනුවෙන් ඉක්‌මන් ස්‌ථිර විසඳුමක්‌ ලබාදෙන ලෙසත් වගකිවයුත්තන්ට බලකර සිටියහ.

වැලිගත්ත හන්දියේ සිට බූන්දල හන්දිය දක්‌වා කිලෝමීටරයක පමණ ප්‍රදේශයක්‌ පුරා මඟ අවහිර කරමින් ටයර් පුළුස්‌සා පිරිස උද්ඝෝෂණයේ නිරත වූ අතර ප්‍රධාන මාර්ගයේ සිය ගණනක්‌ වන වාහන ගමන් කිරීමට ද අවස්‌ථාව උදා නොවීය. මේ ස්‌ථානයට සහභාගි වූ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්‌මුල්ල මහතා ඊයේ (22 දා) සිට ඉතිරි විදුලි වැටද සම්පූර්ණ කිරීමට පොරොන්දු වූ අතර ප්‍රදේශයේ නියෝජිතයන් සමඟ ඒ මොහොතේම සාකච්ඡාවක ද නිරත විය.

මියගිය එච්. ජී. ගීතිකා මිහිරාණි මෙවර හෙද විද්‍යාලයට ද ඇතුළත් වීමට සුදුසුකම් ලබා සිටියාය.


http://www.divaina.com/2012/02/23/news07.html


Jumbo kills nurse to be


L. M. Kusum Priyantha and A. A. Premasiri Weerwila and Debarawewa Correspondents

A young woman, who had been selected to undergo training as a nurse, yesterday around 6.00 a.m. died on the spot in Weligatte in Lunugamwehera after being attacked by a wild elephant. Her father who was also attacked by the same animal had sustained serious injuries and was admitted to the Hambantota Hospital.

The deceased was M. G. Gethika Mihirani (21) Her father was M. G. Soamasiri (61).

The irate residents of Weligatte blocked the Hambantota-Tissamaharama road and conducted a protest for over four hours demanding that the government find permanent solution to the Elephant-Human conflict.

The protestors covered an area of about a kilometre from the Weligatta junction to the Bundala junction, burning tyres and shouting slogans.

The traffic was at a stand still during this period.

The District Secretary of Hambantota arrived at the scene and assured that the rest of the electric fence would be completed soon and held a meeting with local officials.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=45895

No comments:

Post a Comment