Friday, February 24, 2012

Elephant raids in Veligatta (Lunugamvehera) villages (4 items)

අලි ප්‍රහාරයෙන් තරුණියක මියගියලුණුගම්වෙහෙර කුඩා ගම්මාන දහයට
තවත් අලි තිදෙනෙක්‌ කඩා වදිති


දෙබරවැව - ඒ. ඒ. පේමසිරි

හෙද සිසුවියක වල්අලි පහරකෑමට ලක්‌ව මියගිය ලුණුගම්වෙහෙර වැලිගත්ත කුඩා ගම්මාන දහය ප්‍රදේශයට පෙරේදා (22 දින) රාත්‍රි වල්අලින් තිදෙනකු කඩා වැදීම නිසා මහත් උණුසුම් තත්ත්වයක්‌ උද්ගතවිය. එම වල්අලින් පළවා හැරීමේ මෙහෙයුමේදී වනජීවී නිලධාරියකු සහ යුද හමුදා නිලධාරියකු අලි ප්‍රහාරයට ලක්‌ව තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම වල්අලි මෙහෙයුමේදී නොසන්සුන්කාරී ලෙස හැසිරුණු වල්අලින් දෙසට තැබූ වෙඩිල්ලක්‌ වැදීමෙන් එක්‌ වල් අලියකු බරපතළ තුවාල ලබා එම ස්‌ථානයෙහිම ඇද වැටී ඇත.

වෙඩි වැදී වැටී සිටින වල්අලියා අසල ආරක්‍ෂාව සපයමින් තවත් වල්අලියකු රැඳී සිටීම නිසා වෙඩි වැදුණු අලියාට ප්‍රතිකාර කිරීමට ඊයේ (23 දා) සවස්‌ වනතුරුත් වනජීවී නිලධාරීන්ට නොහැකි විය.

මියගිය හෙද සිසුවියගේ මෘත දේහය තැන්පත් කර ඇති නිවස අසල පිහිටි ප්‍රජා ශාලාව පිටුපස කුඩා ලඳු කැලෑ රොදක්‌ අසල මෙම වෙඩි වැදුණු වල්අලියා වැටී සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

ගමමැද පිහිටි මෙම ස්‌ථානය ආසන්නයේ මහජනතාව නිතර ගැවසීම හා මළ ගෙදරට නිතර යන පිරිස නිසා වෙඩි වැදුණු අලියා අසල සිටින වල් අලියා පළවා හැරීමට හෝ නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ට නොහැකි වී තිබේ.

එහෙත් දැනට පවතින අනාරක්‍ෂිත තත්ත්වය හමුවේ වෙඩි වැදුණු අලියා වැටී සිටින කැලෑ ප්‍රදේශය වට වන සේ තාවකාලික විදුලි වැටක්‌ ඉදිකිරීමේ කටයුතු ඊයේ ක්‍රියාත්මක වෙමින් පැවතුණි.


http://www.divaina.com/2012/02/24/news02.html


හෙද සිසුවිය පාගා මැරූ වන අලියා මෙල්ල කරයි

ලුණම සමූහ සනත් ගමගේ

හම්බන්තොට වැලිගත්තේදී හෙදි සිසුවිය පාගා මරා දැමු වන අලියා මෙල්ල කෙරේ.

වැලිගත්ත ප්‍රදේශයේ 22 රාත්‍රී සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසුව මිනීමරු වන අලියා මෙල්ල කිරීමට හැකියාව තිබිණි.

වන අලියා මෙල්ල කිරීමට ගිය යුද හමුදා සෙබළෙක් හා වනජීවි නිලධාරියෙක් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර සිටිති. ලියාට වෙඩි වැදී හෙදි සිසුවියව ඝාතනය කළ ස්ථානය ආසන්නයේම වැටී සිටි. මිනීමරු වන අලියා වැටී සිටින ස්ථානයේ අලියාගේ ආරක්ෂාවට තවත් අලියෙක් පැමිණ තිබේ. සිහිසුන්ව සිටින මිනීමරු වන අලියා මෙල්ල කර ගෙන ප්‍රදේශයෙන් මුදාහැරීමට උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් වෙහෙසෙයි.


වන අලියා අසල සිටින අනික් අලියාගෙන් කරදර ඇති වී යැයි සැකයෙන් එම ස්ථානයට කිසිවෙක් ළඟා නොවෙති.

හෙදි සිසුවියගේ දේහය තැන්පත් කර ඇති ඇයගේ වැලිගත්තේ නිවස ආසන්නයේම මිනීමරු වන අලියා සිටින නිසා ඒ අසලින් මළ ගෙදරට යන එන මහජනතාවද භීතියට පත්ව සිටිති.

වන අලින් ගම් වැදීම වැළැක්වීම සඳහා ඉදිකෙරෙන කිලෝමීටර් 14 ක් තරම් දුරැති විදුලි වැට ඉදිකිරීමට ගම්වාසීන්ගේද සහාය මත ආරම්භ වී තිබේ.

වන අලි තර්ජනය හේතුªවෙන් වැලිගත්ත මහා විද්‍යාලය, කුඩාගම්මාන 10 ප්‍රාථමික විද්‍යාලය සහ පටක රෝපණ මධ්‍යස්ථානය (23) වසා දමා තිබිණි.


http://www.dinamina.lk/2012/02/24/_art.asp?fn=n1202242


අලි කරදර නිසා ඊයේ ලුණුගම්වෙහෙරේ ඇතැම් පාසල් වසයි

දෙබරවැව - ඒ. ඒ. පේමසිරි

ලුණුගම්වෙහෙර වැලිගත්ත කුඩාගම්මාන 10 හා 11 ප්‍රදේශයෙහි ගම්වැදී සිටින වල් අලි හේතුවෙන් පවතින අනාරක්‍ෂිත බව නිසා ඊයේ (23 දා) පාසල් කිහිපයක්‌ වසා දමා තිබිණි.

හෙද සිසුවියක්‌ වල් අලි පහර කෑමට ලක්‌වූ ස්‌ථානය අසල පිහිටි ලුණුගම්වෙහෙර කුඩා 10 ප්‍රාථමික විද්‍යාලය, වැලිගත්ත මහා විද්‍යාලය සහ විශ්වවිද්‍යාල පටක රෝපණ පර්යේෂණ මධ්‍යස්‌ථානය මෙසේ වසා දමා ඇත.


http://www.divaina.com/2012/02/24/news15.html


Three wild elephants storm ten villages in Lunugamvehera
…. including the one where a woman was killed recently 




From G G Premasiri in Debarawewa

A tense situation has arisen in ten villages in Weligatte area at Lunugamvehera where a woman was killed by a wild elephant. A Wild Life Officer and a Military Officer who went there to chase away the elephants were injured and admitted to the Hambantota Base Hospital.

A wild elephant shot during the operation, was seen fallen with serious injuries. The treatment to the injured wild elephant was also met with stiff resistance yesterday following another elephant being nearby to protect the injured wild elephant.

Residents of the area said that the injured wild elephant was also lying in a forest near the community centre which is also near the house which has the remains of the female nursing student who was earlier killed in an elephant attack.

The Wild Life officials have been unable to anaesthetize the injured elephant or chase the elephant which is guarding it due to people going past that area of the jungle to visit the funeral house of the killed nursing student. Efforts were being made to construct an electric fence round the injured elephant.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=45955

No comments:

Post a Comment