Thursday, February 23, 2012

චක්‍රලේඛ උල්ලංඝනය කළ හා දූෂණ චෝදනා එල්ල වූ රාජ්‍ය සේවක 200 කට එරෙහිව විනය පියවර

ප්‍රියදර්ශන ලියනගේ

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උල්ලංඝනය කළ සහ මහා පරිමාණ වංචා දූෂණ චෝදනා එල්ල වී ඇති රජයේ සේවකයන් දෙසියකට (200 කට) අධික සංඛ්‍යාවකට විරුද්ධව විනය පරීක්‍ෂණ පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් පිS. බී. අබේකෝන් මහතා 'දිවයින' ට ඊයේ (21 දා) පැවැසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ලේකම්වරයා මෙසේද කීය. රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක්‌ චෝදනා එල්ල වී ඇති නිලධාරින් 200 දෙනා අතර සිටිනවා.

බලය අයුතු ලෙස යොදා ගනිමින් රජයේ සේවකයන් විසින් සිදු කරන වැරදිවලට දඬුවම් දීම සඳහා දැනට තිබෙන නීති රීති ප්‍රමාණවත් නැහැ. එය තවත් ශක්‌තිමත් කළ යුතුයි. දැනට තිබෙන නීති රීති අනුව රජයේ ආයතනයක සේවය කරන කාර්යාල කාර්ය සහායකයකුගේවත් වැඩ තහනම් කිරීම ලෙහෙසි නැහැ.


http://www.divaina.com/2012/02/22/news01.html

No comments:

Post a Comment