Thursday, February 23, 2012

Fisheries sector back to normal (2 items)

විරෝධතා අතහැර සියලු ධීවරයෝ දියඹට

ප්‍රසාද් පූර්ණමාල් සහ පුත්තලම සමූහ ඩබ්ලිව්. සී. ඩී. ප්‍රනාන්දු

විරෝධතා නතර කර සිරිත් පරිදි මුහුදු යාමට සියලු ධීවරයෝ ඊයේ (22) අලුයම සිට ආරම්භ කළහ. ඊයේ සිට ධීවර පන්නයේ යෙදී සිටින ධීවරයන්ට ආරක්ෂාව සැලසීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයන්ගෙන් සමන්විත බෝට්ටු 32ක් මුහුදු තීරයේ රැකවල්ලා සිටී.

ආරක්ෂාව සැලසීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයන්ගෙන් සමන්විත බෝට්ටු 32ක් මුහුදු තීරයේ රැකවල්ලා සිටී. ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළකරමින් හලාවත සහ මීගමු ධීවරයන් පසුගිය 13 වෙනිදා සිට වර්ජනයක් ආරම්භ කළ අතර විරෝධතා නිසා එක් ධීවරයකු මිය ගියේය.

සංවිධානාත්මක පිරිසක් ධීවරයන්ට මුහුද මැද දී පහර දීමට සූදානම් බවට ලැබුණ තොරතුරු අනුව ධීවර පන්නයේ යෙදෙන ධීවරයන්ට පූර්ණ රැකවරණය සලසා තිබේ. ඊයේ (22) පෙරවරුවේ හලාවත රදගුරු අති උතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී නැවත මුහුදු යාමට තීරණය විය.


http://www.dinamina.lk/2012/02/23/_art.asp?fn=n1202234


ධීවරයන්ට ඉන්ධන සහන කාඩ්පතක්
එක් දින යාත්‍රාවකට ලීටර් 1500යි
අනෙක් ඒවාට ලීටර් 250යි


බුද්ධිකා ඉඹුලාන

ධීවර කාර්මිකයන් වෙත රජය ලබා දෙන ඉන්ධන සහනාධාරය සඳහා වූ සහන කාඩ්පත ලබන සතියේ සිට සෑම ධීවර කාර්මිකයකුටම නිකුත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුමැතිය ලත් මේ කාඩ්පත ඕනෑම ඉන්ධන හලක් වෙත ඉදිරිපත් කිරීමෙන් තමනට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීමට ධීවර කාර්මිකයන්ට අවකාශ ලැබෙයි.

මෙහිදී එක්දින ඩීසල් ධීවර යාත්‍රාවක් සඳහා ඉන්ධන ලීටර 1500ක සහනාධාරයක් හිමිවන අතර පිටත එන්ජින් සවිකළ යාත්‍රා සහ සම්ප්‍රදායික යාත්‍රා සඳහා මාසයකට ඉන්ධන ලීටර 250 ක සහනාධාරයක් හිමිවෙයි. බහුදින ධීවර යාත්‍රා 3720ක් පිටත එන්ජින් සවිකළ එක් දින ධීවර යාත්‍රා 19034ක් එක්දින ඩීසල් ධීවර යාත්‍රා 876 ක් සාම්ප්‍රදායික ඔරු 1688ක් ධීවර අමාත්‍යංශයේ ලියාපදිංචි වී ඇත.

අදාළ සහන කාඩ්පත පත හිමිවන තුරු දැනටමත් මෙම ධීවරයන්ට ඉන්ධන සහන ධීවර අමාත්‍යාංශය මඟින් ලබා දෙන අතර එය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා සිදුවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි. මේ සඳහා වූ නාම ලේඛන ධීවර සහකාර අධ්‍යක්ෂවරුන් සහ ධීවර පරික්ෂකවරුන් මඟින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ෆැක්ස් මඟින් යවා ඇත.

පසුගිය 15 දා සිට මේ ඉන්ධන සහනාධාරය හිමිටන අතර ඉන්ධන මිල ඉහළ ගිය දින සිට මුහුදු ගිය ධීවර කාර්මිකයන් තමන් ඒ සඳහා අතිරික්තව පෞද්ගලිකව දැරූ මුදලක් වේ නම් එයද මේ සහනාධාරය යටතේ ලබා ගත හැකි බව ද ඇමැති සේනාරත්න මහතා පවසයි. මේ ඉන්ධන සහනාධාරය ධීවර කාර්මිකයනට ලබා දීම සඳහා රජය වසරකට රුපියල් බිලියන 30ක් වැය කරන අතර බහුදින ධීවර යාත්‍රාවක් සඳහා මාසයකට රුපියල් 30,000ක ඉන්ධන සහනාධාරයක් හිමිවෙයි.


http://www.dinamina.lk/2012/02/22/_art.asp?fn=n1202221

No comments:

Post a Comment