Thursday, February 23, 2012

වසර 2020 දී විදුලි ඒකකයක් රු.60කට වැඩිවීමේ අවදානමක්

චමීර ඇල්ලදෙණිය

පුනර්ජනනි බලශක්තිය කෙරෙහි වැඩි අවධානය යොමු නොකළහොත් වසර 2020 දී විදුලි ඒකකයක මිල රුපියල් 60ක් දක්වා වර්ධනය වනු ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

වසර 2050 වන විට අර්බුදයකින් තොරව බලශක්තිය භාවිත කිරීමට නම් වර්තමානයේ දී දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් යොදාගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය. බලශක්ති අර්බුදයට තිරසාර විිසඳුමක් වශයෙන් බලශක්ති සංරක්ෂණ ක්‍රමෝපායන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් නව වෙබ් අඩවියක් ආරම්භ කිරීම වෙනුවෙන් පසුගිය (21)දා පැවැති උත්සවයේදී ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වන්නා වූ ජාතික බලශක්ති වැඩසටහන් සවිස්තරාත්මකව හා ඡායාරූප මෙම වෙබ් අඩවිය තුළ අන්තර්ගතය. එඑඑ.ඪදටධ.ඥදචඨර.ඨධම.තඬ වෙබ් ලිපිනය මඟින් මෙහි තොරතුරු ලබා ගත හැක. සමස්ත ජනතාවම බලශක්ති ක්ෂේත්‍රයේ නවතම තොරතුරු පිළිබඳව දැනුවත් වී සිටීම ජාතික ආර්ථීකයේ පැවැත්මට අත්‍යවශ්‍ය කරුණක් බව විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි. සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්. පෙරේරා මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.


http://www.dinamina.lk/2012/02/23/_art.asp?fn=n1202238

No comments:

Post a Comment