Friday, February 24, 2012

සීමාව පැන කොටු වූ ශ්‍රී ලාංකික ධීවරයන්ට ඉන්දියාවෙන් නඩු නෑ

මින් ඉදිරියට ධීවරයන් සීමාව දැනගෙන වැඩකළ යුතුයි
- ඇමැති කියයි


සිරිමන්ත රත්නසේකර

මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉන්දීය ආරක්‍ෂක අංශ අත්අඩංගුවට පත් මෙරට සියලුම ධීවර කාර්මිකයන්ට එරෙහිව එරට පවතින නඩු විභාග ඉල්ලා අස්‌කර ගැනීමට ඉන්දීය රජය එකඟ වී ඇති බව ධීවර හා ජලජ සම්පත් ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව ඉන්දීය අත්අඩංගුවේ පසුවන සියලු ධීවර කාර්මිකයන් සහ ධීවර යාත්‍රා ඉදිරියේ දී මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයිද ඇමැතිවරයා පැවැසීය.

අදාළ එකඟතාවය මුහුදු සීමා උල්ලංඝනය කිරීම සඳහා ලැබෙන අවසරයක්‌ නොවන බවත් ඉදිරියේදී ධීවර කටයුතු සිදුකිරීමේ දී තම තමන්ගේ සීමාවන් පිළිබඳ සෑම ධීවර කාර්මිකයකුම අවබෝධයෙන් සිටිය යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය.


http://www.divaina.com/2012/02/24/news29.html

No comments:

Post a Comment