Saturday, February 25, 2012

විදුලි වැට තිබුණා නම් ගීතිකයි අලියයි දෙන්නම බේරෙනවා!

විදුලි වැට තිබුණා නම් ගීතිකයි අලියයි දෙන්නම බේරෙනවා!

දෙබරවැව අලි - මිනිස්‌ ගැටුමේ ඛේදවාචකය

මියගිය ගීතිකාගේ දේහය     මහ වන මැද අලියා මියගොස්‌ සිටි අයුරු

විදුලි වැට ගහල දුන්න නම් මගේ මේ අහිංසක රත්තරන් දුවගේ ජීවිතය නැති වෙන්නේ නැහැ. මම කොහොමද දෙයියනේ මගේ දුව නැතිව ඉන්නේ........"

වල් අලි පහර කෑමකට ලක්‌ව මියගිය ලුණුගම්වෙහෙර වැලිගත්ත කුඩා ගම්මාන 10 හි පදිංචි ව සිටි එම්. ජී. ගීතිකා මිහිරාණි ගේ මෘත දේහය අසල දුක වාවාගත නොහැකිව හඬා වැළපෙන ඇගේ අම්මාගේ දුක්‌ අඳෝනාව ගම පුරා සිසාරා ගියේ එලෙසිනි.

අලි - මිනිස්‌ ගැටුමේ තවත් ෙ€දවාචකයක්‌ ලෙස පසුගිය දිනක අලුයම හම්බන්තොට වැලිගත්ත කුඩා ගම්මාන 10 ප්‍රදේශයේ දී සිදු වූ මෙම අවාසනාවන්ත මරණය පිළිබඳව මුළු ගමම කම්පාවට පත්ව සිටිති.

හම්බන්තොට රජයේ හෙද විදුහලක පුහුණුව ලැබූ ගීතිකා හෙද විදුහලේ පුහුණුව සඳහා යැමට අසල්වැසි යෙහෙළියක සමඟ තම පියාගේ පාපැදියෙන් යන අතරතුරදී වල් අලි ප්‍රහාරයට ලක්‌ව අවාසනාවන්ත ලෙස මරණයට පත්විය.


Read full story: http://www.divaina.com/2012/02/26/feature20.html

No comments:

Post a Comment