Tuesday, February 21, 2012

Fishermen abandon protest (2 items)

හලාවත-මීගමු ධීවරයෝ වර්ජනය අතහරී

අද සිට යළිත් සුපුරුදු පරිදි මුහුදු යති

ධනුෂ්ක ගොඩකුඹුර, නුවන් කොඩිකාර, සහ කොච්චිකඩේ විශේෂ ඩි. මිහිදුකුල

දින කිහිපයක් තිස්සේ පවත්වගෙන ගිය වර්ජනය නිමා කළ හලාවත සහ මීගමුව ධීවරයෝ අද (21) සිට යළිත් ධීවර කටයුතුවල නියැලීමට තීරණය කරති.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත රජයේ නියෝජිත පිරිසක් හා ධීවර සංගම් අතර ඊයේ (20) පැවැති සාකච්ඡාවකින් අනතුරුව ධීවරයන් සිය වෘත්තියේ යළි නියැලීමට එකඟතාව පළ කළ බව රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා ‘දිනමිණ’ට පැවැසීය.

නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න, පළාත් සභා ඇමැති නිමල් ලාන්සා මහත්වරු සහ ධීවර ඒකාබද්ධ සංවිධානය අතර මේ සාකච්ඡාව මීගමුව නගර සභාවේදී පැවැත්විණි.

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් හලාවත සහ මීගමුව ප්‍රදේශවල ධීවරයන් ඉකුත් 15 වැනිදා සිට ධීවර කටයුතුවල නියැලීමෙන් වැළකී සිටියහ.

ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ධීවරයන්ට සිදුවන අපහසුතා මඟ හරවා ගැනීම සඳහා ධීවරයන්ට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට රජය කටයුතු කළත් ධීවරයන් එය ප්‍රතික්ෂේප කළහ.

ඉන්ධන සහනාධාරය පිළිබඳ ස්ථිර පොරොන්දුවක් ලබා දෙන ලෙස ධීවරයන් ඊයේ පැවැති සාකච්ඡාවේදී ඉල්ලා ඇති අතර සීමාවකින් තොරව තෙල් මිල ඉහළ යන තාක් සහනාධාරය ලබා දිය හැකි බවට රජයේ නියෝජිතයන් ප්‍රතිඥා දුන් බව ගුණරත්න මහතා පැවැසීය.

ඉන්ධන සහනාධාරය පමණක් නොව ධීවරයන්ගේ අනෙකුත් ප්‍රශ්න ද විසඳීමට ජනාධිපතිවරයා සූදානම් බව නියෝජ්‍ය ඇමැතිවරයා ධීවර සංගම් වෙත දැනුම් දී ඇත.

ඒ සියලු කාරණා ගැන එකඟ වූ ධීවරයෝ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ස්තුතිය පිරිනැමූ බවද හෙතෙම ප්‍රකාශ කළේය.


http://www.dinamina.lk/2012/02/21/_art.asp?fn=n1202214


Fishermen abandon protest

Athapattu Bandara

Fishermen in the Negombo, Chilaw and Kalpitiya areas have decided to abandon their protest and go back to sea, heeding the call by President Mahinda Rajapaksa. Deputy Fisheries Minister Sarath Kuamara Gunarathna and local politicians met the fishermen who were engaging in the protest and had cordial discussions to give solutions for their problems.

After the discussion, the fishermen who boycotted fishing activities protesting against the recent fuel hike decided to give up the protest when the deputy minister informed them that President Mahinda Rajapaksa had directed officials to grant the fuel concession to all fishermen as promised by the government, Deputy Minister Sarath Kumara Gunarathna told the Daily News. The protesting fishermen were demanding a proper mechanism to ensure their livelihoods and for granting the promised fuel concession to all fishermen without discrimination.

The deputy minister together with Western Provincial Council Fisheries Minister Nimal Lanza particpated in the discussion with the fishermen . They informed the fishermen that President Mahinda Rajapaksa has identified their problem well and promised to give solutions as soon as possible.

The fishermen who agreed to give up the protest and start fishing from today onwards thanked President Rajapaksa for taking immediate action to grant them relief.

http://www.dailynews.lk/2012/02/21/news11.asp

No comments:

Post a Comment