Wednesday, February 29, 2012

මාතර කොස්‌ගස්‌වලට නරක කලක්‌

කැකනදුර - ගයාන් දර්ශන

මාතර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස රැසක කොස්‌ගස්‌වලට අයහපත් කල දසාවක්‌ උදාවී ඇතැයි ප්‍රාදේශීය ලේකම්වරු පවසති. කොස්‌ගස්‌වල කොළ හැලී කෙටි කාලයක්‌ තුළදී මැරී යැම මෙම රෝග කාරක තත්ත්වය බව සඳහන් වේ. දික්‌වැල්ල, දෙවිනුවර, කිරින්ද පුහුල්වැල්ල, වැලිගම, වැලිපිටිය, මාලිම්බඩ, මුලටියන යන ප්‍රදේශවල මෙම තත්ත්වය බහුලව දක්‌නට ඇතැයි එම ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේකම්වරු "දිවයින"ට කීහ. දික්‌වැල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් බී. එස්‌. රංජිත් මහතා ප්‍රකාශ කළේ මෙම රෝග කාරක තත්ත්වය දැනගත් වහාම අදාළ නිලධාරීන් දැනුවත් කළ බවයි. ඊට අමතරව රුහුණු විශ්වවිද්‍යාලයීය කෘෂි අංශයටත් මේ පිළිබඳව දැනුම් දුන්නා. මේ පිළිබඳව විධිමත් පර්යේෂණයක්‌ කර රෝගකාරක තත්ත්වය තුරන් කිරීමට වැඩපිළිවෙළක්‌ යොදන ලෙසට. මේ වන තෙක්‌ කිසිවෙක්‌ ප්‍රතිචාර දක්‌වලා නැහැ. කෙසේ වෙතත් දැන් දිගින් දිගටම කොස්‌ගස්‌ කැපීමට බලපත්‍ර අපෙන් ඉල්ලනවා. මැරුණු ගස්‌ නිසා අපටත් බලපත්‍ර දෙන්න කිව්වා. මෙසේ බලපත්‍ර ලබා නොදී මැරුණු ගස්‌ පිළිබඳව සොයා බලලා මෙම තත්ත්වය අවම කර ගැනීමට යුහුසුළු වෙන්න ඕනෑ.

මේ පිළිබඳව තෙලිජ්ජවිල කෘෂි පර්යේෂණ ආයතනයේ ආචාර්ය සුජාතා වීරසිංහ මහත්මියගෙන් කළ විමසුමකදී සඳහන් කළේ කඩිනමින් මේ පිළිබඳව පර්යේෂණ ආරම්භ කරන බවයි. මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයෙන් එය ඇරඹෙන බවද වීරසිංහ මහත්මිය සඳහන් කළාය. ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනයේ සහායද මේ සඳහා ලබා ගැනීමට අදහස්‌ කෙරෙන බව ඇය සඳහන් කළාය.


http://www.divaina.com/2012/02/29/provin03.html

No comments:

Post a Comment