Thursday, February 23, 2012

ටෙලිකොම් ලාභයේ වාර්තාගත වර්ධනයක්‌

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ගිය වසරේදී (2011) සැලකිය යුතු මූල්‍ය ප්‍රගතියක්‌ අත්කරගෙන ඇති අතර එහි බදු ගෙවූ පසු ලාභය ගිය වසරේදී රු. බිලියන 4.8 ක්‌ (රු. කෝටි 480 ක්‌) දක්‌වා වර්ධනය කර ගැනීමට සමත්ව ඇත.

මේ අනුව 2010 වසරට සාපේක්‍ෂව 2011 වසරේදී බදු පසු ලාභය සියයට 21 ක වර්ධනයක්‌ අත්කර ගෙන තිබේ. ගිය වසරේදී සමාගම උපයන ලද ආදායම රු. දශලක්‍ෂ 32,291 කි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහයේ මෙම ප්‍රගතිය ගැන අදහස්‌ දක්‌වමින් එහි සභාපති නිමල් වෙල්ගම මහතා පවසන්නේ රටේ ඉදිරි සංවර්ධන ගමනෙහි ඉතා ප්‍රබල කාර්යභාරයක්‌ ඉටු කරන ආයතනයක්‌ බවට ශ්‍රී ලංකා ටෙලිකොම් පත්ව ඇති බවයි. ආයතනයක්‌ ලෙස අප දැනටමත් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යැමට අවශ්‍ය සියලු ශක්‌තිමත් පියවර ගෙන ඇති බවද, ඒ බව අපේ වර්ධනය වෙමින් පවතින ශක්‌තිමත් මූල්‍ය ප්‍රතිඵල තුළින් මැනවින් පෙන්නුම් කෙරෙන බවද වෙල්ගම මහතා අවධාරණය කරයි.

ටෙලිකොම් සමූහයේ අනාගත වර්ධනය ශක්‌තිමත් කර ගැනීමට අවශ්‍ය ආයෝජන වර්ධනය කරමින් රටේ ජාතික සංවර්ධනයට දක්‌වන දායකත්වය ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවද ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති නිමල් වෙල්ගම මහතා තවදුරටත් පෙන්වා දෙයි.

මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ එහි උප සමාගම් විසින් ගිය වසරේදී රු. බිලියන 4.78 ක බදු පසු ලාභයක්‌ වාර්තා කර ඇති අතර එය 2010 වසරට සාපේක්‍ෂව සියයට 21 ක වර්ධනයකි.


http://www.divaina.com/2012/02/23/news08.html

No comments:

Post a Comment