Friday, February 24, 2012

තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම දැඩි මූල්‍ය අර්බුදයක

ශිරාන් රණසිංහ

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව (සී. පී. සී.) රුපියල් මිලියන 2000 ක්‌ සහ ඉන්දියන් තෙල් සමාගම (අයි. ඕ. සී) රුපියල් මිලියන 485 ක මුදලක්‌, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට (සී. පී. එස්‌. ටී. එල්.) ගෙවීම ප්‍රමාද කිරීමෙන් පර්යන්ත සමාගම දැඩි මූල්‍ය අර්බුදයකට ලක්‌ව තිබේ.

මේ වන විට තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයින්ට සියලුම ණය වර්ග ලබාදීමද අත්හිටුවා ඇත.

තෙල් සංස්‌ථාව (සී. පී. සී) සහ ඉන්දියන් තෙල් සමාගම, තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙන් ලබා ගන්නා සේaවාව වෙනුවෙන් මෙම මුදල් අදාළ සමාගමට ගෙවිය යුතුව තිබෙන අතර පාඩු පියවීම සඳහා ඉන්ධන මිල වැඩිකර ඇති මේ මොහොතේ හිඟ මුදල් සමාගමට ලබාදීමට පියවර ගත යුතුව ඇතැයි තෙල්a තොග ගබඩා පර්යන්ත සමාගම පවසා සිටී.

එසේ නොවුණහොත් තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙහි (සී. පී. එස්‌. ටී. එල්.) කටයුතු නිසි පරිදි පවත්aaවාගෙන යැමට නොහැකි වනු ඇතැයි ද සමාගම පවසා සිටී.


http://www.divaina.com/2012/02/24/news13.html

No comments:

Post a Comment