Friday, February 24, 2012

තවත් අලියෙක්‌ දුම්රියට බිලිවේ

කොළඹ සිට මඩකලපුව බලා ගමන් කළ "මීනගයා" රාත්‍රී දුම්රියෙහි හබරණ දුම්රිය ස්‌ථානයට නුදුරින් අවුරුදු 30-35 ක්‌ පමණ වයසැති වන අලියෙකු ගැටී ඊයේ (23 දා) මියගොස්‌ ඇත. අලුයම දෙකට පමණ මෙම අනතුර සිදුව ඇත. අනතුරින් පසු අලියාගෙන් දුම්රිය මාර්ගය අවහිර වූ අතර හබරණ පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්‌ව පැය හතරක්‌ පමණ වෙහෙසවී අලියා මාර්ගයෙන් ඉවත්කරන ලදී. පලුගස්‌වැව ප්‍රාදේශීය ලේකම් වසන්ත කුමාරසිංහ මහතා විසින් අලියාගේ දේහය පරීක්‍ෂා කරන අයුරු. මෙම අලියා නිතරම දුම්රිය ස්‌ථානය අසල මහා මාර්ගයේ ගැවසුණු බව දුම්රිය ස්‌ථානයේ සේවක මහතෙකු කීය.

ඡායාරූපය - හබරණ - හරිස්‌චන්ද්‍ර ගුණවර්ධන

http://www.divaina.com/2012/02/24/news14.html

No comments:

Post a Comment