ශිරාන් රණසිංහ
වර්තමානයේ ඇතිවී තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ විදුලිබල හා බලශක්‌ති අමාත්‍යංශයේ වියදම් සියයට දහයකින් හා තමාගේ පෞද්ගලික බලශක්‌ති වියදම සියයට දහයකින් අඩු කිරීමට විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා තීරණය කර තිබේ.
2050 වසර වන විට පොසිල ඉන්ධන සහ ගල්අඟුරු වැනි බලශක්‌තිවල මිල දෙගුණයකින් වැඩිවන බැවින් ඊට මුහුණ දීමට නම් දැන් සිටම ඉන්ධන භාවිතය අඩුකර නාස්‌තිය අවම කර විකල්ප බලශක්‌ති වෙත යා යුතුව ඇතැයි ද ඇමැතිවරයා කීවේය.
ඉන්ධන මිල පාලනය කිරීමට ලෝකයේ කිසිම ජගතෙකුට හැකියාව නැතැයි කී ඇමැතිවරයා මෙරට රජයන් පෙරළා දැමීම හෝ මහා භාණ්‌ඩාගාර ලේකම් මාරු කිරීම හෝ ඊට පිළියම් නොවන බවද පවසයි. කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් යටතේ මෙම තත්ත්වයන්ට මුහුණ දීමට රජය දැන් සිටම පියවර ගත යුතුයි ද ඇමැතිවරයා පැවසීය.
http://www.divaina.com/2012/02/20/news13.html
No comments:
Post a Comment