Saturday, February 25, 2012

ගොවි විශ්‍රාම වැටුප අද සිට ගෙවයි

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

උග්‍ර මුදල් හිඟයක්‌ නිසා ගෙවීම නතර කර තිබූ ගොවි විශ්‍රාම වැටුපට අදාළ 2011 නොවැම්බර් මස විශ්‍රාම වැටුප අද (25 වැනිදා) සිට ගෙවීමට රජය තීරණය කර ඇත.

මේ යටතේ කළුතර දිස්‌ත්‍රික්‌කයේ ගොවි විශ්‍රාම වැටුප් හිමිකම් ලැබූ ගොවීන් 5963 දෙනකුට අයත් විශ්‍රාම වැටුප් මුදල් වන රු. ලක්‍ෂ 60 කට ආසන්න මුදලක්‌ දැනට තැපැල් කාර්යාලවලට යවා ඇතැයි කළුතර කෘෂි රක්‍ෂණ මණ්‌ඩලයේ සහකාර අධ්‍යක්‍ෂ නන්දලාල් පෙරේරා මහතා පැවසීය.

ගොවි විශ්‍රාම වැටුපට හිමිකම් නොලැබූ පුද්ගලයන් දෙසිය ගණනක්‌ මේ විශ්‍රාම වැටුප් ලබාගන්නා බවට අනාවරණය වී ඇතැයි ද එම පුද්ගලයන් පිළිබඳ පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇතැයි ද කළුතර මාධ්‍ය ඒකකය පවසයි.


http://www.divaina.com/2012/02/25/news12.html

No comments:

Post a Comment