Thursday, February 23, 2012

Dengue spread via public transport (2 items)

ඩෙංගු මදුරුවාට රට පුරා යන්න පොදු ප්‍රවාහන සේවයෙන් උදව්
පර්යේෂණ වාර්තා කියයි

සන්ධ්‍යා කරුණාරත්න

ඩෙංගු මදුරුවන් රට පුරා ව්‍යාප්ත වීම සඳහා පොදු ප්‍රවාහන සේවය විශාල බලපෑමක් සිදු කරන බව නවතම පර්යේෂණ වාර්තාවලින් සනාථ වී ඇත.

පිට පළාත්වල සිට කොළඹ නගරයට පැමිණෙන පෞද්ගලික බස්රථ, බඩු ප්‍රවාහනය කරන ලොරි රථ යනාදිය මඟින් රටේ දුර පළාත්වලට ඩෙංගු මදුරුවා ව්‍යාප්ත වීමක් සිදු වේ.

දිනකට ලක්ෂ 10ක් 15ක් පමණ පෞද්ගලික බස්රථ හා බඩු ප්‍රවාහනය කරන ලොරි රථ පිට පළාත්වල සිට කොළඹ නගරයට ඇතුළු වන බවත් මේ රථ පැය දෙකක් තුනක් පමණ කොළඹ නගර සීමාවේ නවතා තබන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි. මෙසේ නවතා තබන විට එම වාහනවලට මදුරුවන් ඇතුළු වී වාහනය ගමන් කරනවාත් සමඟ එහි ගමන් ගන්නා පිරිසට ඩෙංගු මදුරුවා දෂ්ඨ කරමින් පිට පළාත්වලට ගමන් කිරීම සිදු වේ.

මෙතෙක් අවධානය යොමු නොවුණ කරුණක් වන මේ පිළිබඳව අවධානය යොමු කිරීම මඟින් ඩෙංගු මදුරුවා රට පුරා ව්‍යාප්ත වීම තරමක් දුරට හෝ වළක්වා ගත හැකි යැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මදුරුවන්ට ඇතුළු විය නොහැකි පරිදි මේ බස්රථ හා ලොරි රථ ආවරණය කර තැබීමෙන් සහ එම වාහන පැය ගණනක් නවතා තැබීමෙන් පසුව ගමන පිටත්වීමට පෙර විනාඩි 15ක්, 20ක් වීදුරු විවෘත කර හොඳින් හුළං වැදීමට තැබීමෙන් මදුරුවන් ඉවත්වීම සිදුවේ. එමඟින් පොදු ප්‍රවාහන සේවය හරහා ඩෙංගු මදුරුවන් පිට පළාත්වලට සංක්‍රමණය වීම වළක්වා ගත හැකි ය.


http://www.dinamina.lk/2012/02/23/_art.asp?fn=n12022310


Dengue via some AC buses

Nadira GUNATILLEKE

A latest study conducted by the Health Ministry has revealed that dengue was spreading from Colombo to other parts of the country from mosquitoes found in some buses, especially air conditioned inter-city private buses.

“A large number of buses and vehicles travel from Colombo to other parts of the country. These vehicles are parked in the Colombo city at night. Once the vehicles come into the Colombo city, drivers and owners keep the doors and windows open from where the mosquitoes enter the vehicles.

When they leave Colombo, they keep the doors and windows closed,” a ministry spokesman said. “The dengue mosquitoes in these buses and vehicles travel to other parts of the country affecting the villagers,” he said. The spokesman advised bus crews to open the vehicles’ doors and windows for a few minutes while traveling.

http://www.dailynews.lk/2012/02/23/news13.asp

No comments:

Post a Comment