Thursday, February 23, 2012

කිරිපිටි මිල වැඩි නොකළොත් ආනයනය අතහරිනවා

සමාගම් අනතුරු අඟවයි

ලසන්ත වීරකුලසූරිය/ගයාත්‍රි ගීගනආරච්චි

ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 20කින් පමණ ඉහළ දමන ලෙස කිරිපිටි සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් යළිත් වරක් ඉල්ලීම් කර තිබේ.

මිල වැඩි කිරීමකට එකඟ නොවන්නේ නම් ඉදිරියේදී කිරිපිටි මෙරටට ගෙන්වීම තම සමාගම්වලට ගැටලු සහගත වනු ඇතැයිද එම සමාගම් පාරිභෝගික අධිකාරියට දැනුම්දී ඇත.
ලෝක වෙළෙඳ‍පොළේ කිරිපිටි මිල ඉහළ යාමත්, ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමග ඇති වන ප්‍රවාහන ගැටලුත් හේතුවෙන් මෙලෙස මිල වැඩි කිරීමක් ඉල්ලූ බව එම සමාගම් පෙන්වා දෙයි. 

යම්කිසි ලෙසකින් කිරිපිටි මිල වැඩි කිරීමකට එකඟතාව නොලැබුණහොත් තම සමාගමට කිරිපිටි ආනයනය කිරීමෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවත් මේ සම්බන්ධයෙන් කිරිපිටි සමාගම් සියල්ල රැස්වී සාකච්ඡා කර ඇති බවත් කිරිපිටි සමාගමක ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලක්බිමට’ පැවැසීය.

මේ සම්බන්ධයෙන් ‘ලක්බිම’ කළ විමසීමකදී පාරිභෝගික අධිකාරියේ සභාපති රූම් මර්ෂුක් මහතා ප්‍රකාශ කළේ ඉදිරි සති දෙක ඇතුළත ඒ පිළිබඳව විශ්‍ලේෂණය කර තීන්දුවක් ගැනීමට නියමිත බවය.
කිරිපිටි මිල වැඩි කරන ලෙස අදාළ සමාගම් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවත් මතෛක් ඒ ගැන කිසිදු තීරණයක් ගෙන නැති බවත් රූම් මර්ෂුක් මහතා ප්‍රකාශ කළේය.


http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=1964:2012-02-22-18-34-23&catid=81:europe&Itemid=457

No comments:

Post a Comment