Friday, February 24, 2012

මැණික්‌ ඉඩම ලබාගැනීමට ව්‍යාපාරිකයෝ තරගයේ

කතරගම - කේ. ඩී. දේවප්‍රිය

කතරගම මැණික්‌ නිධිය සහිත ඉඩම වෙන්දේසි කිරීමට අවසරය ලැබීමත් සමග ප්‍රදේශය යළිත් උණුසුම් වෙමින් පවතී.

මැණික්‌ ඉඩම් කොටස්‌ ලබා ගැනීම පිණිස ඉහළ පෙළේ ව්‍යාපාරිකයෝ විශාල පිරිසක්‌ මේ වන විට කතරගම නවාතැන් පළවල්වල ලැගුම් ගෙන සිටිති. පසුගිය 21 දා රාත්‍රියේ 4000 කට ආසන්න පිරිසක්‌ පතල් භූමියට පැමිණීමට පටන් ගත් අතර පොලිසිය හා හමුදාව එක්‌ව ජනතාවගේ පැමිණීම වැළැක්‌වීමට පියවර ගනු ලැබීය.

මැණික්‌ සහ ස්‌වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් බණ්‌ඩාර මහතා පැවසුවේ ගමේ ජනතාව සඳහා ඉඩම් යම් ප්‍රමාණයක්‌ ලබාදීමට ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ හා ප්‍රාදේaශීය ලේකම්වරයාගේ අනුමැතිය ලබාගන්නා බවයි.


http://www.divaina.com/2012/02/24/news19.html

No comments:

Post a Comment