Wednesday, February 29, 2012

කොළඹට ආලෝකය දෙන්න නව විදුලි පද්ධතියක්

චමීර ඇල්ලදෙණිය

කොළඹ නගරයට අවශ්‍ය විදුලි පහසුකම් වඩාත් කාර්යක්ෂම අන්දමින් ලබා දීමට රුපියල් කෝටි 1247ක වියදමින් නව විදුලිබල පද්ධතියක් ඉදිකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ නවීන තාක්ෂණය මඟින් කොළඹ නගරයේ විදුලිය විසන්ධි වී තත්පර 07ක් ඇතුළත විදුලිය ලබාදීමට හැකියාව ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. කොළඹ නගරය මනරම් නගරයක් බවට පත්වෙමින් පවතින මෙවැනි වකවානුවක අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමේ වගකීම ලංකා විදුලිබල මණ්ඩලයට පැවැරී ඇත.

ඒ අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව විදුලිබල අමාත්‍යාංශය අනාවරණ කරයි. මේ ව්‍යාපෘතිය සඳහා ජපන් රජය ආධාර සපයන අතර වසර දෙකක කාලයක් තුළ නිම කිරීමට ද නියමිතය.

http://www.dinamina.lk/2012/02/29/_art.asp?fn=n12022911

No comments:

Post a Comment