Monday, February 20, 2012

මැණික් හමුවූ ඉඩම වෙන්දේසියට පියවර

ඇමැති මැදිහත්ව අවුල විසඳයි

තම්මැන්නාව ප්‍රදේශයේ ඉඩමකින් අහඹු ලෙස මැණික් නිසා ඇතිවූ ප්‍රශ්නය පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ මැදිහත්වීමෙන් සමථයකට පත් කර ඇත.

මෙම ප්‍රදේශයට මේ වන විට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි උපරිම ආරක්‍ෂාව ලබා දී තහනම් කලාපයක් බවට පත් කර තිබේ.

ඉදිරියේදී මෙම ඉඩම බහුතර පිරිසකට නීත්‍යානුකූලව මැණික් ගැරීමට හැකිවන අයුරින් කැබලි කොට වෙන්දේසි කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සැළසුම් කර ඇත.

මෙම වෙන්දේසිය පෙබරවාරි 24 වන දින කතරගම ප්‍රාදේශීය සභා සම්මන්ත්‍රණ ශාලාවේදී පෙ. ව. 10.00ට පැවැත්වීමට නියමිතය.

මඟ නැඟුම ව්‍යාපෘතිය යටතේ කතරගම - ලුණුගම්වෙහෙර මාර්ගය පුළුල් කිරීමේ කටයුතුවලට පස් ලබාගැනීමේදී එම පස්වල මැණික් තිබීම තුළින් මේ අර්බුදය පැන නැගී ඇත.


http://www.dinamina.lk/2012/02/20/_art.asp?fn=u1202203

No comments:

Post a Comment