Friday, February 24, 2012

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ලංගම සැප බස්‌ වැඩි කරයි

අකිත පෙරේරා

දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයෙහි ධාවනය කෙරෙන අධි සුඛෝපභෝගී ලංගම බස්‌රථ ප්‍රමාණය 10 දක්‌වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත.

මේ වනවිට එම මාර්ගයේ ලංගමයට අයත් අධි සුඛෝපභෝගී බස්‌රථ 07 ක්‌ ධාවනය කෙරෙන අතර ඉදිරි දින කිහිපයේදී තවත් අධි සුඛෝපභෝගී බස්‌ රථයක්‌ ධාවනයට එක්‌ කෙරෙනු ඇත.

අනතුරුව තවත් එවැනි බස්‌රථ 02 ක්‌ යෙදවීමටද ලංගම අදහස්‌ කර ඇතැයි එහි උසස්‌ නිලධාරීයෙක්‌ "දිවයින"ට පැවැසීය.

අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා නුසුදුසු තත්ත්වයේ පවතින බස්‌ කිසිම හේතුවක්‌ නිසාවත් එහි ධාවනය නොකරන ලෙස ලංගම සභාපති ශෂී වෙල්ගම මහතා බලධාරීන්ට උපදෙස්‌ දී ඇත.

මේ අතර අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන ශ්‍රී ලංගම අධි සුඛෝපභෝගී බස්‌ සේවාවේ ගාස්‌තු ඉහළ දැමීමෙන් අනතුරුව ලංගම දිනකට ලබන ආදායම රුපියල් ලක්‍ෂයකින් පමණ ඉහළ ගොස්‌ ඇත.


http://www.divaina.com/2012/02/24/news08.html

No comments:

Post a Comment