Monday, February 20, 2012

නොරොච්චෝල ගැන කමිටු වාර්තාව මේ මස අගදී ඇමැතිට භාර දෙයි

ශිරාන් රණසිංහ

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය අක්‍රියවීමට හේතුව සෙවීමට පත්කර ඇති කමිටු වාර්තාව මේ මස අගදී ඇමැති පාඨලී චම්පික රණවක මහතා වෙත බාරදීමට නියමිතය.

බලාගාරය අක්‍රිය වන්නේ තාක්‍ෂණික ගැටලුවක්‌ නිසාද නොඑසේ නම් මෙහෙයුම් කටයුතු වල අඩුපාඩු නිසාද? එසේ නැති නම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ මුල්කරගෙනද යන්න සොයා බැලීම සඳහා ඇමැතිවරයා විසින් මෙම කමිටුව පත්කර ඇත.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය අක්‍රිය වී හෙට (21 වැනිදාට) හරියටම මාසයකි.

මෙම බලාගාරය ඉදි කිරීම මගින් බලාපොරොත්තු වූ දේ ඉටු නොවීම හා බලාගාරය වරින් වර අක්‍රියවීම නිසා ඇමැතිවරයා විසින් පසුගියදා ඒ පිළිබඳ සෙවීමට කමිටුවක්‌ පත් කරනු ලැබිණි.


http://www.divaina.com/2012/02/20/news23.html

No comments:

Post a Comment