Saturday, February 25, 2012

පවුල් ලක්ෂ 49කට සෙත සලසමින් තෙවැනි අදියරට පිය නඟන දිවි නැඟුම

මේ දවස්වල එළවළු ටිකක් තම්බලා කන්න. එළවළු මිල අඩුයි.

මේ අපේ ලොකු අම්මා පසුගිය දිනක පැවසූ කථාවකි.

ඔබේ ඉඩම ඔබේ ගෙවත්ත වගා කර සරු අස්වැන්නක් ලබාදී ඔබේ නිවසේ ආර්ථිකය දියුණු කිරීමට අතහිත දීම පිණිස තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් ලබන මාර්තු මස ඇතුළත එක් දිනකදී ඔබේ නිවසට පැමිණේ. ඔවුන්ගේ නිරීක්ෂණ අනුව ඔබට දියුණුවට පත්වීමට, ගෙවත්ත වැවීමට, පශු සම්පත්, වානිජ වගා ආදිය දියුණු කිරීමට මූල්‍යාධාර හා යෙදවුම් ලබාදීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සූදානම්ය. ඉහත තිදෙනා ඔබගෙන් ලබාගන්නා තොරතුරු අනුව ඒ වැඩ කටයුතුවලට මූලික අඩිතාලම වැටේ. මේ අනුව මේ සමීක්ෂණයට සහායදීම ඔබටත් රටටත් දියුණුවට හේතුවකි.

කථාව ඇත්තය. අද වෙළෙඳ පොළේ මිල පසුගිය වසරේ මේ කාලයට වඩා සියයට 70 – 80 ක් අඩුය. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ දත්ත අනුව 2011 පෙබරවාරි මාසයේ රුපියල් 166 ක් වූ බෝංචි කිලෝවක් අද රුපියල් 49 කි. එදා රුපියල් 327 ක් වූ මිරිස් කිලෝව මේ මාසේ රු. 85 කි. 2011 පෙබරවාරි මාසයේ රුපියල් 93 ක්වු තක්කාලි කිලෝව මේ මාසේ මුල් දිනවල රුපියල් 18 කි. 2011 පෙබරවාරිවල මෑකරල් කිලෝව 136 කි. මේ මාසේ රුපියල් 20 – 30 අතරය. එළවළු, දඹල, වට්ටක්කා, බණ්ඩක්කා, බීට්රූට් ගෝවා වැනි පහතරට උඩරට සියලු එළවළු දැන් සියයට 60 – 80 ක අතර මුදලකින් අඩුවී තිබේ. හාල්, අල, බතල මිල ද එලෙසය. පසුගිය වසරවල මේ වකවානුවට වඩා අඩුය.


 

No comments:

Post a Comment