Thursday, February 23, 2012

Gem land auction (2 items)

කතරගම මැණික්‌ නිධිය හෙට වෙන්දේසි කෙරේ

සිරිමන්ත රත්නසේකර

කතරගම තම්මැන්නා ප්‍රදේශයේදී පසුගියදා අහඹු ලෙස හමුවූ නිල් මැණික්‌ නිධිය හෙට (24 වැනිදා) පෙරවරු 10.00 ට කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය කටයුතු යොදා ඇත.

ඒ අනුව අක්‌කර තුනහමාරක භූමි ප්‍රදේශයක්‌ පුරා කොටස්‌ කර ඇති ඉඩම් කැබලි 52 න් 49 ක්‌ එදින ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණෙන බව ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ සභාපති ප්‍රසාද් ගල්හේන මහතා සඳහන් කළේය.

ඉතිරි පර්චස්‌ තිහ බැගින් වන ඉඩම් කැබලි තුන කතරගම ප්‍රාදේශීය ලේකම්වරයාගේ අභිමතය පරිදි ප්‍රදේශයේ ජනතාවට සෙත සැලසෙන පරිදි අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම පැවැසීය.

මෙරට හමුවූ විශාලතම වටිනාකමින් ඉහළතම නිල් මැණික්‌ නිධිය මෙය බවත් පැවැසූ ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ සභාපති ප්‍රසාද් ගල්හේන මහතා මෙරට ඇති සියලු භූගත සම්පත්වල අයිතිය රජයට බවත් පැවැසීය.

අදාළ ඉඩම වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩමක්‌ බවත් එය මැණික්‌ ගැරීම එක්‌ වසරකට නිත්‍යානුකූලව තම අධිකාරිය වෙත හිමිකරගත් බවත් සභාපතිවරයා කීවේය.

ජාතික මැණික්‌ හා ස්‌වර්ණා භරණ අධිකාරියේ සභාපති ප්‍රසාද් ගල්හේන මහතා ඊයේ (22 වැනිදා) එම අදහස්‌ පළ කළේ නාරාහේන්පිට පිහිටි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.


http://www.divaina.com/2012/02/23/news14.html


Gem land to be auctioned tomorrow

Ridma DISSANAYAKE

The government will auction a land that has recently caught public attention due to massive gem deposits found in Thammannawa,National Gem and Jewellery Authority (NGJA) Chairman Prasadh Galhena said.

The land situated in Thammennawa in Kataragama Pradeshiya Sabha area of the Uva Province became a sudden hot spot as gems were found from soil transported to a road construction site from this land.

People flocked to the area and the government had to cordon the area and provide security to prevent illegal mining there.

The gem land will be auctioned by Gem and Jewellery Authority for mining tomorrow at the Kataragama Pradeshiya Sabha auditorium at 10:00 a.m. According to chairman the land was surveyed and demarcated into 49 blocks with an extent of 10-15 perches per block and they are to grant gem mining rights for one year under certain conditions.

Those conditions as follows,

* The total payment has to be made in cash.
* Gem mining activities have to be carried out in accordance with rules and regulations
* 20 stipulated by the Authority.
* VAT and NBT is payable for bid value and the license fee of Rs.10,000.
* A refundable security deposit of Rs.25,000 and stamp fee of Rs.1,000 are payable.
* Participants at the auction will be called upon to pay an entrance fee of Rs.1,000
* 20 obtain a registration number.

National Identity Card will be essential to gain entrance to the auction hall.

The Authority intends to allocate three blocks of land out of this 49 blocks to three groups of people from the same area,certified by the Divisional Secretary. All these groups are expected to carry out mining under the supervision of the NGJA as well.

http://www.dailynews.lk/2012/02/23/news21.asp

No comments:

Post a Comment