ශිරාන් රණසිංහ
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ දෝෂය හඳුනා ගත්තද බලාගාරයෙන් විදුලිය ජනනය කළ හැකි දිනයක් නිශ්චිතව කීමට තවමත් නොහැකි යෑයි විදුලිබල මණ්‌ඩලය පවසයි.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය පසුගිය මස 21 වැනිදා අක්‍රීය වූ අතර මේ වන විට දින විසිපහක් ගත වුවද විදුලි බලාගාරයෙන් විදුලිය ජනනය කිරීමට විදුලි ඉංජිනේරුවරු අසමත්ව සිටිති.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය ඉදිකළ පසුව එය අවස්‌ථා ගණනාවකදීම ගිනිගත් අතර ඉංජිනේරුවරු පවසන්නේ ගල්අඟුරු කොහොමත් ඉක්‌මනින්ම ගිනි ගන්නා නිසා එය බලාගාරයේ අඩුපාඩුවක් ලෙස සැලකීමට නොහැකි බවයි.
බලාගාරයේ සීලරයකට (කාන්දු රෝදක මුද්‍රdවට) හානි සිදුවීමෙන් බලාගාරය අක්‍රීය වූ බවත් චීනයෙන් හා මෙරටින් අදාළ යන්ත්‍ර කොටස් ගෙන්වා මේ වනවිට එය යථා තත්ත්වයට පත් කරන බවත් ඉංජිනේරුවරු පවසති.
මෙගොවොට් නවසියයකින් සමන්විත බලාගාරයේ දැනට නිමකර ඇත්තේ මෙගොවොට් 300 ක් පමණි.
http://www.divaina.com/2012/02/16/news07.html
No comments:
Post a Comment