Friday, February 17, 2012

National Police Commission appointed (2 items)

පොලිස්‌ කොමිසම යළි සක්‍රීය වෙයි

අජිත් අලහකෝන්

ජාතික පොලිස්‌ කොමිසම සඳහා සභාපතිවරයකු සහ සාමාජිකයන් හය දෙනකු පත් කර ඇත. මේ අනුව ජාතික පොලිස්‌ කොමිසම යළි සක්‍රීය තත්ත්වයට පත්ව ඇත.

පොලිස්‌ කොමිසමේ සාමාජිකයන් ලෙස පත් කරන අයගේ නාමලේඛනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පාර්ලිමේන්තු කොමිසමේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව පෙරේදා (16 දා) සවස කතානායක චමල් රාජපක්‍ෂ, අගමැති දි. මු. ජයරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී (එජනිස) ඒ. එම්. එම්. අස්‌වර් යන මහත්වරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු සභාව රැස්‌වී ජනාධිපතිවරයා විසින් එවා තිබූ නාමලේඛනයට අනුමැතිය ලබා දී ඇත.

මේ අනුව ජාතික පොලිස්‌ කොමිසමේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය මහතා පත් කර ඇත. සෙසු සාමාජිකයන් ලෙස ඇල්ලේ ගුණවංශ හිමි, ඩී. දිසානායක ශාමේන් මදුරසිංහ, ආර්. ශිවරාම් එම්. එම්. එම්. මවුජුඩ්, නිව්ටන් ගුණරත්න යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.

ජාතික පොලිස්‌ කොමිසම ස්‌ථාපිත කරන ලෙසට උගත් පාඩම් හා ප්‍රතිසංධානය සඳහා වූ කොමිසම විසින් ද රජයට නිර්දේශ කර තිබිණි.


http://www.divaina.com/2012/02/17/news08.html


New police commission appointed

By Lal Gunesekera

Former Sri Lanka’s High Commissionier to Australia Senaka Walgampaya, President’s Counsel, has been appointed to head the new National Police Commission by President Mahinda Rajapaksa.

President Rajapaksa has also appointed six others who were all approved by the Parliamentary Council, and the appointments were made following the recommendations made in the LLRC report.

The six others in the National Police Commission are Ven Elle Gunawansa, Dharmasena Dissanayake (former Secretary to several ministries, including the Ministry of Public Administration and Home Affairs), Newton Gunaratne (former ITN Chairman and Ambassador in Myanmar), Attorney-at-Law Mrs. Chamaine Madurasinghe, R. Sivaraman (Chartered Architect) and M. M. N. Mowjood (Management Accountant).

A Parliament source said that these appointments were made in terms of Article 41 A of the Constitution under the 18th Amendment.

The Parliamentary Council was headed by Speaker Chamal Rajapaksa.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=45441

No comments:

Post a Comment