මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය මැතිවරණ ප්‍රදේශයට අයත් බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කතරගම රජ මාවතට ආශ්රිත ගොවි පවුල් කලක් තිස්සේ පීඩාවට පත්කළ වන අලි අර්බුදයට විසඳුමක් තවමත් ලැබී නැත.
නොවිසඳුනු මෙම ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ජීවිත හානි මෙන්ම දේපළ සහ වගා හානි දිනපතාම පාහේ සිදුවන අතර මේ ගැටලුවට විසඳුමක් ලබා දීමට වනජීවී අංශ කිසිදු උත්සාහයක් දරන බවක් පෙනෙන්නට නැතැයි ගෝනගංආර ප්‍රදේශයේ පදිංචි පිරිස් චෝදනා කරති.
ගෝනගංආර ප්‍රදේශයේ පවුල් සඳහන් කරන ආකාරයට මෙතෙක් අලි ගැටලුව විසඳන්නට යොදන ලද සියලු ක්‍රියාමාර්ග තාවකාලික ඒවාය. පැලැස්තර විසඳුම්වලින් අලි ගැටලුව විසඳිය නොහැකි බව ඔවුන්ගේ අදහසයි. 1970 කාලයේ සිට වන අලි විසින් මේ දක්වාම පුද්ගලයන් කාන්තාවන් හා කුඩා ළමයකුද ඇතුළුව 10 කට ආසන්න සංඛ්‍යාවක් මරා දමා තිබේ.
යාල අභය භූමිය ආය කපොල්ල ආදී ප්‍රදේශවලින් ගෝනගංආර හරහා පැල්වත්ත සීනි සමාගමට අයත් උක් වගාවන් වෙත ගමන් කරන අලි රංචු වෙතින් මෙම අනතුරු සිදුවන බව පවසන ගම්වාසීන් අලි කාණුව සහ විදුලි වැට අක්‍රමවත්වීම නිසා අනතුරු සුලබ වී ඇති බැව් කියති.
මේ සම්බන්ධයෙන් "දිවයින"ට අදහස් දක්වන ගෝනගංආර පාසල් මාවතේ වී. ඩී. පීරිස් (60) මහතා පැවසුවේ මෙවැන්නකි.
මොන ආණ්ඩුවට කිව්වත් කිසිම කෙනෙක් මේ අලි ප්රශ්නය ගණන් ගන්නේ නැහැ. පසුගිය සතියේ මගේ ගේත් කැඩුවා. මං ජීවිතේ බේරගත්තේ අනූ නවයෙන්. අපිට අද අලි නිසා ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. පාන්දර ළමයකුට පාසලට යන්න බෑ. රෑ වෙලා ගමනක් ගිහින් ගෙදර එන්න බෑ. රෑට ගෙදරක ඉන්න බයයි. වගාවන් රැකගන්න විදියක් නෑ. සත්තු ජීවත් වෙන්න ඕනි. ඒ වුණාට මිනිස් ජීවිතයක් මොනතරම් වටිනවාද. පහුගිය ඡන්ද දවස්වල ඡන්දෙ ඉල්ලගෙන ආව එවුන් බොරු බේගල් ඇදබෑවා. ඒ එකක්වත් කෙරුවේ නැහැ. ආයිත් මේ අය ගමට ආවොත් අපිට කියා දෙන්න පුළුවන්.
ගෝනගංආර පාසල් මාවතේ ඊ. ඩී. ඉන්ද්‍රdනි (30) මහත්මිය පැවසුවේ මෙවැන්නක්.
අපිට අලි නිසා තමයි ඔළුව උස්සන්න බැරි. මේ ගමේ බොහොම දෙනෙක් ජීවත්වෙන්නේ ගොවිතැන් කරලා. මේ සැරෙත් ඉරිඟු වගාව සේරම අලි විනාශ කළා. ගෙවල් පැල්පත් මොනතරම් කැඩුවාද? ගෙදරක පොඩි ළමයි තියාගෙන ඉන්නේ හරිම අමාරුවෙන්. අලි ප්‍රශ්නෙ විසඳනවා කිව්වට කිසිම දෙයක් කෙරිලා නැහැ. අඩුම තරමින් අලි ආවම එළවගන්න අපිට අලි වෙඩි ටිකක්වත් ලැබිලා නැහැ. පැල්වත්ත සීනි සමාගමෙන් හරි රජයෙන් හරි මේ අලි ප්‍රශ්න විසඳන්න ස්ථිර වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ජීවිත විනාශ වුණාට පස්සේ කනගාටුවෙලා වැඩක් නැහැ.
ගෝනගංආර පාසල් මාවතේ ශීලා කාන්තිලතා - ගිය සතියේ වල් අලි ඇවිත් අපේ කුඹුරක් කාලා ගිහිල්ලා. බුත්තල කතරගම පාර අයිනේ අලි කාණුවකුයි අලිවැටකුයි තියෙනවා. මේ වැටේ කාණුව ළඟත් අලි පනින තැන් වලට මුරකාරයන් දානවානම් මේ ප්රශ්නය යම් තරමකට විසඳෙනවා. අද වෙලා තියෙන්නේ මුර දානවා කියා මේ වැට නඩත්තුව අත්හැරලා දාලා. අපි පැල්වත්ත සීනි සමාගමෙන් ඉල්ලා සිටින්නේ මේ අලි එන්නේ උක් ගස් කන්නයි. ඒ හින්දා අලි වැට නඩත්තු කිරීම සීනි සමාගමෙන් කළ යුතු බවයි.
එච්. ඒ. සීලවතී (45) මහත්මිය. "මෙහාට තියෙන මේ අලි කරදරේ ටිකක් අඩුකර ගන්න පුළුවන්. ගෙවල් වලට ලයිට් හරි තියෙනව නම්. පාසල් මාවතේ පවුල් 30 ක් විතර ඉන්නෙ කරුවලේ. කාට කිව්වත් මේ පවුල් ටිකට ලයිට් ලැබුණේ නැහැ.
කේ. බී. ජී. හේරත් රාජපක්ෂ (32) මහත්මිය ඉස්සර මේ ගම්මානවලට අලි කරදර තිබුණේ නැහැ. උක්ගස් වවන්න ගත්තට පස්සෙ තමයි මිනිස්සු පවා මරන්න ගත්තේ. මේ අලි කොහාට හරි ගිහින් දාලා ගම හරහා යන එක වළක්වන ලෙස අපි ඉල්ලා සිටිනවා.
කේ. ඩී. තුෂාරි ඉන්ද්‍රd ඒකනායක (32) මහත්මිය පැවසුවේ මෙවැන්නක්. -
පසුගිය 24 වැනිදා රෑ ගෙදර නිදාගෙන හිටියේ මමයි මගෙ දරුවො දෙන්නයි විතරයි. මගේ පුරුෂයා මං අතහැරලා දාල ගිහිල්ලා. රෑ දෙකට විතර සද්දයක් ඇහුනා. අලි ඇවිල්ලා ගේ පෙරළන්න හදනවා ලයිටුත් නැහැ කරුවලයි. එක බිත්තියක් පෙරළුවා. හොඳ වෙලාවට ඇඳේ හිටිය අපි යටවුණේ නැහැ. මං පොඩි පුතා අරං එළියට පැනල කරුවලේම දිව්වා. අනික් පුතාට ගෙයින් එළියට පනින්න කිව්වා. ඒ ළමයා පැනලා දුවනකොට වත්තේ වැටුණා. අලියා ළමයගේ ඇඟට උඩින් පැනලා ගිහින්. ඌට ළමයා හොයාගන්න බැරි වෙලා. මම ළඟ පාත ඉන්න අයට කතා කරලා අලි එලවලා තමයි ගෙදර ආවේ. ඊට පස්සේ ළමයා සොයාගත්තා. එදා තව පොඩ්ඩෙන් අපි තුන් දෙනාම අලි මරනවා.

මෙවැනි බිහිසුණු ජීවිතයක් ගතකරන ගෝනගංආරේ වැසියන්ගේ අලි ගැටුමට විසඳුම් සෙවීම බාලගිරි දොaෂය හෙට කීවාක් මෙන් දවසින් දවස කල් යන බවක් පෙනෙන්නට තිබේ. රජයේ වනජීවී අංශ මේ සඳහා කැබිනට් ක්‍රියාමාර්ග වලට එළඹිය යුතුව තිබේ.
පිංතූරය සහ කතාව - වැල්ලවාය - දඹේගොඩ ජිනදාස
http://www.divaina.com/2012/03/01/news18.html
No comments:
Post a Comment