ගයාත්‍රි ගීගනආරච්චි
පාරිභෝගිකයාටද අසාධා-රණයක් නොවන පරිදි කිරි පිටි මිල වැඩිකිරීම සම්බන්ධ තීරණය අද (01) හෝ හෙට (02) ගන්නා බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම් සුනිල් එස්.සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
කිරි පිටි මිල වැඩිකරන ලෙස කිරි පිටි ආනයන සමාගම්වලින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම පාරිභෝගික අධිකාරියේ මිල කමිටුවට යොමු කර ඇති බවත් මිල කමිටුව ඒ සම්බන්ධයෙන් අද (01) හෝ හෙට (02) රැස්වී සාකච්ඡා කරනු ඇති බවත් අමාත්‍යංශ ලේකම්වරයා පැවැසීය.මිල වැඩිවීමක් ඉල්ලා සිටින්නේ රුපියල අවප්‍රමාණය වීම තුළ ලෝක වෙළෙඳපළේ ඩොලරයේ අගය ඉහළ යාමෙන් ඇති වී තිබෙන වෙනස පියවා ගැනීම සඳහා යැයි කිරි පිටි සමාගම් පෙන්වා දෙයි.
එබැවින් මෙම කාරණය සම්බන්ධයෙන් හැකි ඉක්මනින් සාධාරණයක් ඉටුවනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔවුහු පවසති.
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2148:2012-02-29-18-59-24&catid=82:us-politics&Itemid=535
No comments:
Post a Comment