Thursday, February 16, 2012

රුපියල ඊයේ තවත් බසී - ඩොලරය රු. 122.35

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ඇමෙරිකානු ඩොලරය ඊයේ (15 දා) දිනයේ දී රුපියල් 122 ද ඉක්‌මවා යමින් ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස පිරිහීමට ලක්‌විය. මේ අනුව ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයකට විකුණුම් අගය රු.122.35 දක්‌වා ඉහළ ගිය අතර පෙරේදා (14 දා) ඩොලරයක රුපියලේ අගය 119.40 ක්‌ විය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් පෙබරවාරි 08 දින සිට වෙළෙඳපොළ බලවේග අනුව රුපියලේ අගය තීරණය වන්නට ඉඩහැරියේය. එදින සිට මේ දක්‌වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය දිගින් දිගටම පිරිහෙන්නට පටන්ගෙන තිබේ. ඉකුත් පෙබරවාරි 08 දින ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් රු.115.22 ක්‌ වූ අතර මේ අනුව පසුගිය සතියක පමණ කාලයේදී ඇමෙරිකානු ඩොලරයට ගෙවිය යුතු රුපියල් ගණන රු.7 කට අධික ගණනකින් ඉහළ ගොස්‌ තිබේ.

මේ තත්ත්වය නිසා විදේශ ණය බර ඉහළ යැම, ඛනිජ තෙල් ආනයන වියදම් ඇතුළු සියලු ආනයන භාණ්‌ඩවල මිල ගණන් ඉහළ යැම වැනි අහිතකර තත්ත්වයන්ට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

No comments:

Post a Comment