විදුලි බිලට ඉන්ධන ගැලපුම් ගාස්‌තුවක්
0-30 දක්‌වා 25% ක්
31 - 60 දක්‌වා 35%
60 සිට 40% ක්
ලසිත දුමින්ද
වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (15 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්‌ථ ඇතුළු අනිකුත් පාරිභෝගික විදුලි බිල් සඳහා ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එකතු කර තිබේ.
ඒ අනුව ගෘහස්‌ථ පාරිභෝගික කාණ්‌ඩය යටතේ මසකට ඒකක 0 සිට 30 දක්‌වා සියයට 25 කින්ද, 31 සිට 60 දක්‌වා සියයට 35 කින්ද සහ 60 සිට සියයට 40 කින්ද ඉන්ධන ගැලපුම් ගාස්‌තුවක් විදුලි බිලට එක්‌වෙනු ඇත.
කර්මාන්ත සහ හෝටල්වල විදුලි බිල් සඳහා සියයට 15 ක්‌ද පොදු කාර්ය විදුලි බිල් සඳහා සියයට 25 ක ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එකතු කර තිබේ.
ආගමික ස්ථාන, වීථි ලාම්පු, රජයේ රෝහල් සහ පාසල් මෙම ඉන්ධන ගැලපුම් ගාස්තුවෙන් නිදහස් කර තිබේ.
ඒකක 30 ක් රුපියල් 22.50 කින්, ඒකක 60 ක් රුපියල් 80.85 කින්, ඒකක 90 ක් රුපියල් 182.40 කින්, ඒකක 120 ක් රුපියල් 434.40 කින්, සහ ඒකක 180 ක් රුපියල් 1010.40 කින් අදාළ විදුලිබිල් සඳහා එකතු වනු ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.
එසේම මෙම ඉන්ධන ගැලපුම් ගාස්‌තුව ඒකකයකට අදාළ නොවන බවත් සමස්‌ත මාසික බිලෙහි එකතුවට අනුව වැඩිවන බවත් එම කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා ඊයේ (15 දා) කොළඹ පදනම් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ඉන්ධන මිල ඉහළ යැම නිසා 2012 විදුලි උත්පාදන පිරිවැය රුපියල් බිලියන 29 කින් ඉහළ යනු ඇති බවත්, එම නිසා විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශය විදුලි බිල වැඩි කරන්නැයි ඉල්ලීමක් කළ බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
http://www.divaina.com/2012/02/16/news03.html
විදුලි බිල වැඩි වෙයි
ස්වර්ණා විජේකෝන් සහ චමීර ඇල්ලදෙණිය
ඉන්ධන මිල ඉහළයාම නිසා විදුලිබල මණ්ඩලයට සිදුවන පාඩුව අවම කිරීම සඳහා ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසන් සභාව තීරණය කර ඇත.
ඒ අනුව ඒකක 0-30 දක්වා සියයට 25 කින්ද, ඒකක 31 – 60 සියයට 35කින්ද, ඒකක 60 වැඩි පාරිභෝජනයේදී සියයට 40කින්ද විදුලි බිල වැඩි කිරීමට පියවර ගත් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා අනාවරණය කළේය.
විදුලිබල මණ්ඩලයට සිදුවන පාඩුව අවම කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මහජන උපයෝගිතා කොමිසමෙන් කළ ඉල්ලීමට අනුව මේ පියවර ගත් බව ද කොස්තා මහතා ප්‍රකාශ කළේය.
ඉන්ධන ගැලපුම් ගාස්තු සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පදනම් ආයතනයේදී ඊයේ (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
ඒකක 0-30 දක්වා විදුලි පරිහරණය කරන පාරිභෝගිකයන් සියයට 23ක් වන අතර ඔවුන්ගේ මාසික බිල් පතට රුපියල් 22.50ක ඉන්ධන ගැලපුම් ගාස්තුවක්ද, ඒකක 31-60 දක්වා විදුලිය පරිහරණය කරන්නන්ට රුපියල් 80.85ක වැඩිවීමක් ද මාසික බිල් පතට එකතුවේ.
එමෙන්ම ඒකක 90-120 දක්වා රුපියල් 182.40කින්ද, ඒකක 120-180 දක්වා රුපියල් 434.40කින්ද, ඒකක 180 වැඩි විදුලි පරිහරණය කරන්නන් සඳහා රුපියල් 1010.40ක ඉන්ධන ගැලපුම් ගාස්තුවක් මාසික බිල්පතට එකතුවේ.
මීට සමගාමීව කර්මාන්ත හා හෝටල් ක්ෂේත්‍ර සඳහා සියයට 15කින්ද, පොදු කාර්ය හා රජයේ විශ්ව විද්‍යාල සඳහා සියයට 25ක ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එකතු කර ඇත.
ආගමික ස්ථාන, වීථි ලාම්පු, රජයේ රෝහල් සහ පාසල් මේ ඉන්ධන ගැලපුම් ගාස්තුවෙන් නිදහස් කර ඇතැයි ජයතිස්ස කොස්තා මහතා සඳහන් කළේය.
මේ වසරේ විදුලි උත්පාදනයට රුපියල් බිලියන 29ක මුදලක් අතිරේකව වැයවන අතර ඉන් රුපියල් බිලියන 4ක මුදලක් රජය සහනාධාර වශයෙන් ලබාදීමට නියමිතය. ඉතිරි රුපියල් බිලියන 25ක මුදල ජනතාවගෙන් අය කර ගැනීමට මේ ඉන්ධන ගැලපුම් ගාස්තු සකස් කළ බව හෙතෙම සඳහන් කළේය.
ඉන්ධන ගැලපුම් ගාස්තුව මඟින් සිදුවන මිල වැඩිවීම් ඉතාම සාධාරණ බවද ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා අවධාරණය කළේය.
ලෝක වෙළෙඳපළේ ඉන්ධන මිල වැඩිවීම අනපේක්ෂිතව සිදු වූ බවද, ඉදිරියේ දී ඉන්ධන මිල පහත වැටීමක් සිදු වුවහොත් ඊට සාපේක්ෂව විදුලි බිල සංශෝධනය කරන බවද කොස්තා මහතා කීය.
මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
http://www.dinamina.lk/2012/02/16/_art.asp?fn=n1202162
Govt slams hefty fuel adjustment charge on electricity consumers
By Ifham Nizam
A Fuel Adjustment Charge (FAC) was imposed on electricity consumers, from midnight yesterday, to cover the cost of increased fuel prices in the world market, that had badly hit the already debt ridden Ceylon Electricity Board.
With the new fuel adjustment charges, more than 78 per cent of the 5.5 million electricity consumers have to pay an additional 40 per cent on their monthly power bill.
However, Public Utilities Commission of Sri Lanka, Chairman Dr. Jayatissa de Costa said that the FAC was solely on the increase in the price of fuel.
He said that with the Government subsidy of Rs. 97 billion, that was provided upto now, every consumer was paying below the actual cost of electricity.
The Power and Energy Ministry, on Sunday made submissions requesting a fuel adjustment charge.
The Commission approved a fuel adjustment charge of 25 per cent to those who use less than 30 units, 35 per cent to those who use 31 to 60 units and 40 per cent for those who use more than 60 units. In rupee terms, a household using less than 30 units have to pay an additional Rs. 22.50, more than 60 units, Rs. 80.85, more than 90 units Rs. 82.40, more than 120 units Rs. 434.40 and 180 units Rs. 1,010.40 and so. However, the industrial users will have to pay only a 15 per cent hike.
Dr. Costa said that the fuel adjustment charge would be applied only on the energy charge of the monthly bill excluding fixed charge and unit charges. Price hike on fuel had resulted in a significant electricity generation cost increase to the CEB, particularly due to furnace oil and diesel prices increases by 44 per cent and 37 per cent.
He also said that the estimated cost increase as a result of fuel hike was Rs. 29 billion and CEB was not in a position to absorb such increases under existing tariffs.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=45368
No comments:
Post a Comment