Friday, February 17, 2012

Water bill to increase? (2 items)

වතුර බිලත් ළඟදීම ඉහළ යන ලකුණු
මණ්‌ඩලය ලාභ ලබනවා! ගාස්‌තු නැංවීමට ඕනෑ නෑ - සභාපති කියයි


සිරිමන්ත රත්නසේකර

ඉන්ධන මිල ඉහළ යැමේ තත්ත්වය තුළ ජල බිල්පත් ගාස්‌තුද ඉහළ දැමීමට සිදුව ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ ලේකම් ඒ. අබේගුණසේකර මහතා ඊයේ (16 වැනිදා) "දිවයින"ට පැවැසීය.

ජල බිල්පත් ගාස්‌තු ඉහළ දැමිය යුත්තේ කිනම් ප්‍රතිශතයකින්ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තීරණයකට පැමිණ නැති බවත් පැවැසූ හෙතෙම ඒ පිළිබඳ විෂයභාර ඇමැති ජලසම්පත් මණ්‌ඩල සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්‌ඩලය සමග සාකච්ඡා කර තීරණයක්‌ ගන්නා බව සඳහන් කළේය.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ ප්‍රාග්ධන වියදම් හැරුණු විට පසුගිය කාලයේදී ආදායම් හා වියදම් ප්‍රමාණය සම තත්ත්වයේ පැවැති බව පැවැසූ අබේගුණසේකර මහතා එම මණ්‌ඩලයේ වියදමින් සියයට 50 ක්‌ ගෙවන්නේ සේවක පඩිනඩි සඳහා බවත් පැවැසීය.

ජලසම්පත් මණ්‌ඩලය නඩත්තු වන්නේ මහා භාණ්‌ඩාගාරයෙන් ලැබෙන මුදලින් සහ ජලය විකුණා ලැබෙන ආදායමෙන් බවද විදුලි ගාස්‌තු වැඩිවීම තුළ සමස්‌ත වියදම ඉතා ඉහළ යන බවද ලේකම්වරයා පැවැසීය.

මේ පිළිබඳ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ සභාපති ඉංජිනේරු කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතාගෙන් "දිවයින" විමසූවිට ඒ මහතා කියා සිටියේ දැන්ම ජල බිල්පත් ගාස්‌තු ඉහළ දැමීමේ සූදානමක්‌ නැති බවත් තම මණ්‌ඩලය ලාභ ලබන ආයතනයක්‌ බවත්ය.


http://www.divaina.com/2012/02/17/news10.html


No water price hike for few more months

By Ifham Nizam

Despite speculation that there would be a price revision by the National Water Supply and Drainage Board, its Chairman Karunasena Hettiarachchi yesterday assured that there were no immediate moves to hike water tariffs.

However, he said that they were in the process of analyzing the situation and would come out with a decision in a couple of months.

The Public Utilities Commission of Sri Lanka (PUCSL) Chairman Dr. Jayatissa de Costa, at a press briefing on Wednesday said that the PUCSL was a multi sector regulatory body dealing with electricity, petroleum and water.

However, the Water Supply and Drainage Board Chief said that WSDB was an independent utility and coming under nobody.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=45450

No comments:

Post a Comment