Wednesday, February 1, 2012

ඉංගිරිය හොරෙන් මැණික් ගැරූ 3කට දඩ

ඉංගිරිය මධ්‍යම සමූහ
පි‍්‍රයදර්ශනී කහවල

බලපත්‍ර රහිතව අනවසරයෙන් මැණික් ගැරීමේ චෝදනාව යටතේ ඉංගිරිය පොලිසිය මගින් අධිකරණය හමුවට පමුණුවන ලද පුද්ගලයන් තිදෙනෙකුට එක් අයෙකුට රුපියල් 20,000 බැගින් තිදෙනා හටම රුපියල් 60,000 ක දඩයක් හොරණ වැඩබලන මහේස්ත්‍රාත් පුෂ්පා කන්නන්ගර මහත්මිය විසින් නියම කළාය.

ඉංගිරිය, නම්බපාන, උඩහ ඌරුගල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වූ මේ විත්තිකරුවන් වූයේ පිළිවෙළින් එච්. රූපසිංහ, බී. නන්දසිරි සහ ඒ. නිශාන්ත නම් තිදෙනෙකි. ඉංගිරිය පොලිස් ස්ථානාධිපති උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්‍ෂක නලින් සංජීව, උප පොලිස් පරීක්‍ෂක සංජය, පොලිස් සැරයන් 27827 රූපසේන සහ කොස්තාපල් 38835 ජගත් වීරතුංග යන නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.


http://www.dinamina.lk/2012/02/01/_art.asp?fn=r1202017

No comments:

Post a Comment