Wednesday, February 1, 2012

ශ්‍රී ලාංකික ධීවරයෝ 4ක් තූත්තුකුඩිය වරායේ

ඉන්දියා ධීවරයෝ පිහිටට එති:

ප්‍රසාද් පූර්ණමාල් පුත්තලම දිස්ත්‍රික් සමුහ

මුහුදේ අතරමංව සිටි ශ්‍රී ලාංකික ධීවරයන් හතර දෙනකු ඉන්දියානු ධීවරයන් විසින් බේරා ගනු ලැබ තූත්තුකුඩිය වරායට රැගෙන ගොස් ඇත. මේ ධීවරයන් ගමන් කළ බෝට්ටුව ජාත්‍යන්තර මුහුදේදී ක්‍රියා විරහිත වී තිබේ. එහිදී ඉන්දියානු ධීවරයන් රැගත් යාත්‍රාවක් ශ්‍රී ලාංකික ධීවරයන් බේරා ගෙන ඇති බව ලෝක ධීවර සම්මේලනයේ ඉන්දියාවේ විශේෂ නියෝජිත තෝමස් කොච්චෙරි පියතුමා දිනමිණ ට පැවසීය.

මෙලෙස බේරා ගෙන ඇත්තේ පසුගිය ජනවාරි 9 වැනි දින වාලච්චේන ප්‍රදේශයෙන් මුහුදුගිය අම්පාර සයින්දමරුදු ග්‍රාමයේ පදිංචිකරුවන් වන අබ්දුල් රහිම් (58) මෙහොමඩ් ස්මයිල් (50) මොහිදින් පිච්චේ (36) එස්. බෂීර් (40) යන ධීවරයෝය. තම යාත්‍රාවේ ගමන්කළ ධීවරයන් ඉන්දියාවේ ධීවරයන් විසින් බේරා ගෙන ඇති බව තමනට වාර්තා වූ බව බෝට්ටු හිමිකරු අබ්දුල් කරීම් පාරුක් පැවසීය. මේ ධීවරයන් ඉක්මනින් ගෙන්වා දෙන ලෙස පවුල් වල ඥාාතීහු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.


http://www.dinamina.lk/2012/02/01/_art.asp?fn=n1202017

No comments:

Post a Comment