ලසිත දුමින්ද
දේශීය පොල් නිෂ්පාදනය ඉදිරි පස් වසර තුළ ගෙඩි දශලක්ෂ 3650 දක්වා වැඩි කිරීමට රජය ඉලක්කකගත වැඩපිළිවෙලක් අරඹා ඇත.
ඒ සඳහා ඉදිරි පස් වසර තුළ අක්කර ලක්ෂ 05 ක පොල් වගා කිරීමට පියවර ගන්නා බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේය.
මේ වසර (2012) තුළ පමණක් පොල් පැළ ලක්ෂ 90 ක් වගා කිරීමේ අවශ්‍ය වැඩපිළිවෙල සකස් කොට ඇතැයි ද හෙතෙම කීවේය. එසේම දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර තිබෙන කප්රුක පුරවර වැඩපිළිවෙල යටතේ සෑම පවුලකම මාසික ආදායම අවම වශයෙන් රුපියල් 5000 කින් ඉහළ නංවා දුප්පත්කම ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම තම අරමුණ වන බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මෙම ව්‍යාපෘතිය මගින් සිය නිවසේ සිටම ආදායම් උපයා ගැනීමේ මාර්ග ජනතාවට විවර කරමින් වහරක්ගොඩ ස්ථාපිත කරන ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයේ එම නිෂ්පාදන ලෝක වෙළෙඳ පොළට නිකුත් කිරීම අපේක්ෂාව වන බවත් ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් පැවැසීය.
http://www.divaina.com/2012/02/07/news28.html
No comments:
Post a Comment