Tuesday, February 7, 2012

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට ආදිවාසීන්ගේ සහාය ලබා ගැනේ

ප්‍රභාත් විතාන

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්‌ථාවේ නිෂ්පාදන කටයුතු සඳහා ආදිවාසි ජනතාවගේ සහාය ලබා ගැනීමට ආයුර්වේද ඖෂධ සංස්‌ථාව කටයුතු යොදා ඇත.

ඒ අනුව දැනට ආදිවාසි ජනතාව ජීවත්වන දඹාන, රතුගල හා නිල්ගල ප්‍රදේශයන්හි ව්‍යාප්තව පවතින දේශීය ඖෂධ අමුද්‍රව්‍ය ඔවුන්ගෙන් ලබා ගැනීමට කටයුතු කරන බව ආයුර්වේද ඖෂධ සංස්‌ථාවේ සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා පැවසීය.

ආදිවාසි ජනතාව ජීවත්වන ප්‍රදේශවල තිබෙන ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදී ඉතා වැදගත් වන මී පැණි, කටුවැල්බටු, එළබටු ආදී ඖෂධ වර්ගවල ලේඛනයක්‌ මාසයක්‌ ඇතුළත තමන්ට ලබාදෙන ලෙස ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ට දැනුම් දුන් බවත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය.

මේ පිsළිබඳ සාකච්ඡාවක්‌ පසුගියදා ආයුර්වේද ඖෂධ සංස්‌ථාවේදී ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැඇත්තන් සමග පැවැත්වූ බවත් මෙම වැඩපිළිවෙළ මගින් ඔවුන්ගේ ආර්ථිකය ශක්‌තිමත් වන අතර ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමේදී විදේශයන්ට ඇදී යන මුදල් අඩුකර ගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


http://www.divaina.com/2012/02/07/news19.html

No comments:

Post a Comment